බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.
බෙන්යමින් ගෝත්‍රයෙන් ගෙබා සහ ඒකේ පිට-බිම්ද අල්ලෙමෙත් සහ ඒකේ පිට-බිම්ද අනතෝත් සහ ඒකේ පිට-බිම්ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නුවරවල් දහතුනක්ය.
තවද, සලමොන් රජ අබියාතර් පූජකයාට කතා කොට, “අනාතොත්හි තිබෙන ඔබේ ම ඉඩමට යන්න. ඔබ මරණයට සුදුස්සෙකි. එහෙත්, ඔබ මාගේ පිය වූ දාවිත් රජු ඉදිරියෙහි දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ බැවින් ද මාගේ පියා දැරූ සියලු දුක්වල දී ඔබත් දුක් වින්ද බැවින් ද මේ වතාවේ මම ඔබ නොමරමි”යි කී ය.
ආෂාන් සහ එහි තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ එහි තණ බිම් ද;
කොහාත්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
ඒහුද්ගේ පුත්‍රයෝ ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. මොවුහු මානහත්හි විප්‍රවාසයට ගෙන යන ලදහ.
බෙත්-ගිල්ගාලෙනුත්, ගෙබාහි ද අශ්මාවෙත්හි ද ගම්වලිනුත් රැස් වූ හ. ගායකයෝ ජෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝ ය.
ගල්ලිම් වැසියෙනි, හඬ නඟා මොරගසන්න. ලයිෂා වැසියෙනි, සවන් දෙන්න. අනාතොත් වැසියෙනි, පිළිතුරු දෙන්න.
මේ වනාහි බෙන්ජමින් වංශයට අයිති අනාතොත්හි විසූ පූජකයන්ගෙන් එක් කෙනෙකු වූ හිල්කියාගේ පුත් ජෙරමියාගේ පණිවුඩය ය.
ඔවුන්ගෙන් කිසිවෙක් ද ඉතිරි නොවන්නේ ය. මන්ද, මම අනාතොත්හි වසන මිනිසුන් පිට විපත්තිය එනම්, ඔවුන් පිට දඬුවම් කිරීමේ අවුරුද්ද පමුණුවන්නෙමි.”
ජෙරමියා බෙන්ජමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්න පිණිස ජෙරුසලමෙන් පිටත් ව ගියේ ය.
කෙපර්-අම්මෝනී ද ඔප්නී ද ගෙබා ද යන නගර දොළොස සහ ඒවායේ ගම් ය.
ජොනතන් ගෙබායෙහි සිටි පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන්නේ ය. එපවත් පිලිස්තිවරුන්ට ආරංචි විය. එවිට සාවුල් කතා කොට, හෙබ්‍රෙව්වරු අසත් වා”යි දේශය මුළුල්ලෙහි හොරණෑ පිඹින්නට සැලැස්සුවේ ය.