Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 12:29 - Sinhala New Revised Version 2018

29 බෙත්-ගිල්ගාලෙනුත්, ගෙබාහි ද අශ්මාවෙත්හි ද ගම්වලිනුත් රැස් වූ හ. ගායකයෝ ජෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 බෙත්-ගිල්ගාලෙනුත්, ගෙබාහි ද අශ්මාවෙත්හි ද ගම්වලිනුත් රැස් වූ හ. ගායකයෝ ජෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 බෙත්-ගිල්ගාලෙනුත් ගෙබාහිද අස්මාවෙත්හිද කෙත්වලිනුත් රැස්වූවෝය. මක්නිසාද ගීතිකාකාරයෝ යෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:29
12 හුවමාරු යොමු  

බෙන්ජමින්වරුන් ගෙබාහි සිට මික්මාෂ්හි ද අයියාහි ද බෙතෙල්හි ද ඒවායේ ගම්වල ද;


අශ්මාවෙත්හි පුත්‍රයෝ හතළිස්දෙදෙනෙක් ය.


බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.


බෙන්ජමින් ගෝත්‍රයෙන් ගිබියොන් සහ ඒ අවට තණ බිම් ද ගෙබා සහ ඒ අවට තණ බිම් ද


ඉක්බිති ජෝෂුවා ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද ගිල්ගාල්හි කඳවුරට පෙරළා ආවෝ ය.


එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “මම අද නුඹලා කෙරෙන් මිසරයේ වහල්කමෙන් ලත් අපකීර්තිය ඉවත් කෙළෙමි”යි වදාළ සේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබී ය.


මේ කඳු දෙක, ජොර්දාන් ගඟින් එතෙර, බටහිරට පිහිටි කානානිවරුන් වසන මිටියාවතෙහි ගිල්ගාල් නගරය අසල මොරේගේ ආලෝන අරඹ ළඟ පිහිටා තිබේ.


එවිට ගායකයන් වූ ලෙවීවරු ජෙරුසලම අවට ප්‍රදේශයෙනුත්, නෙටොපාතිවරුන්ගේ ගම්වලිනුත්,


පූජකයෝත් ලෙවීවරුත් පවිත්‍ර වී, සෙනඟ ද දොරටු ද පවුර ද පවිත්‍ර කළෝ ය.


ලෙවීවරුන්ට හිමි කොටස් ඔවුන්ට නොදී තිබුණු බව ද කටයුතු බාර ව සිටි ලෙවීවරුන් ද ගීතිකාකාරයන් ද තම තමන්ගේ කෙත්වලට පලා ගිය බව ද මට දැනගන්නට ලැබිණි.


බෙත්-අශ්මාවෙත්හි මනුෂ්‍යයෝ හතළිස්දෙදෙනෙක් ය.


රාමාහිත්, ගෙබාහිත් මනුෂ්‍යයෝ හයසිය විසිඑක්දෙනෙක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්