Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 6:60 - Sinhala Revised Old Version

60 බෙන්යමින් ගෝත්‍රයෙන් ගෙබා සහ ඒකේ පිට-බිම්ද අල්ලෙමෙත් සහ ඒකේ පිට-බිම්ද අනතෝත් සහ ඒකේ පිට-බිම්ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නුවරවල් දහතුනක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

60 බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

60 බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:60
12 හුවමාරු යොමු  

බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි.


යෙරෙමියා බෙන්යමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්නා පිණිස යෙරුසලමෙන් පිටත්ව ගියේය.


ඔවුන්ගෙන් කිසිවෙක්ද ඉතිරි නොවන්නේය. මක්නිසාද මම අනතෝත්හි මනුෂ්‍යයන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම් කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ගල්ලීම් දියණියෙනි, නුඹේ හඬ නඟා මොරගසන්න! ලයිෂා, ඇහුම්කන්දෙන්න! අනේ අසරණ අනතොත්!


ඒහුද්ගේ පුත්‍රයෝ මොව්හුය. මොව්හු ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝය, මොව්හු ඔවුන් මානහත්ට ගෙන ගියෝය.


තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොත්හි තිබෙන නුඹේම ඉඩමට යන්න; නුඹ මරණයට සුදුස්සෙක්ය. එහෙත් නුඹ මාගේ පියවූ දාවිත් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලූ බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී නුඹත් දුක් වින්ද බැවින්ද මේ වතාවේ නුඹ නොමරමියි කීවේය.


යොනාතාන් ගෙබාහි සිටි පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන්නේය, එපවත් පිලිස්තිවරුන්ට ආරංචිවිය. සාවුල්ද හෙබ්‍රෙව්වරු අසත්වයි කියා දේශය මුළුල්ලෙහි හොරණෑව පිම්බෙවුවේය.


කෙපර්-අම්මෝනිද ඔප්නීද ගෙබාද යන නුවරවල් දොළොස සහ ඒවායේ ගම්ය.


ආෂාන් සහ ඒකේ පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ ඒකේ පිට-බිම්ද;


කොහාත්ගේ අනික් පුත්‍රයන්ට [එප්‍රායිම්] ගෝත්‍රයේ පවුල්වලින්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.


බෙත්-ගිල්ගාලෙනුත් ගෙබාහිද අස්මාවෙත්හිද කෙත්වලිනුත් රැස්වූවෝය. මක්නිසාද ගීතිකාකාරයෝ යෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්