ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 4:9 - Sinhala New Revised Version 2018

ජාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේ ය. ඔහුගේ මව, “මම වේදනාවෙන් ඔහු ලැබුවෙමි”යි කියා ඔහුට ජාබෙශ් යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේ ය. ඔහුගේ මව, “මම වේදනාවෙන් ඔහු ලැබුවෙමි”යි කියා ඔහුට ජාබෙශ් යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේය. ඔහුගේ මවු: මම වේදනාවෙන් ඔහු බිහිකළෙමියි කියා ඔහුට යාබෙශ් යන නම තැබුවාය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 4:9
10 හුවමාරු යොමු  

උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.”


තරුණයා ද ජාකොබ්ගේ දුවට ඇලුම් ව සිටි බැවින්, ඔහු ද යෝජිත දේ කිරීමට පමා නො වී ය. තවද, ඔහු තම පියාගේ ගෘහයේ ඉතා ම වැදගත් තැනැත්තා විය.


එහෙත්, රාකෙල් මළා ය. ඈ පණ අදින විට ඔහුට බෙන්-ඕනි යන නම තැබූ නමුත් ඔහුගේ පියා ඔහුට බෙන්ජමින් කියා නම් කෙළේ ය.


ජාබෙශ් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “අහෝ, ඔබ මට ආශීර්වාද කර, මාගේ සීමාව විශාල කර, ඔබේ අතින් මට පිහිට වී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනව”යි කීවේ ය. දෙවියන් වහන්සේ ද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළ සේක.


කොශ්ට දාව ආනුබ් ද ශොබේබා ද හාරුම්ගේ පුත් අහර්හෙල්ගේ පවුල් ද උපන්නෝ ය.


ඔහු තමාගේ භාර්යාව කරා පැමිණි කල ඈ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලැබුවා ය. තමාගේ පවුලට විපත්තිය පැමිණි නිසා ඔහු ඔහුට බෙරියා යන නම තැබී ය.


ඔබේ පියාට ද මවට ද ආඩම්බරයක් වන්න; ඔබගේ වැදූ මවට ඒ ප්‍රීතිය දෙන්න.


නුඹලා මාගේ ඇස් හමුයෙහි වටිනා වස්තුවක් වන බැවින් ද ගරු කටයුතු ව සිටින බැවින් ද මා නුඹලාට පෙම් කරන බැවින් ද නුඹලා මුදන පිණිස දේශයන් හා එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි.


එහි සිටි අය තෙසලෝනිකයෙහි අයට වඩා උදාර ගතිගුණ ඇත්තෝ වූ හ. ඔව්හු කරුණු හරි හැටි දැන ගන්නා පිණිස, දවස්පතා ශුද්ධ ලියවිල්ල පිරික්සමින් මුළු සිතින් ධර්මය පිළිගත්හ.


දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ නිසා ද ඇගේ මාමාත්, ස්වාමි පුරුෂයාත් මළ නිසා ද ඈ, “ඉශ්රායෙල් කෙරෙන් තේජස පහ ව ගියේ ය” කියා දරුවාට ‘ඊකාබොද්’ යන නම තැබුවා ය.