Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 43:4 - Sinhala New Revised Version 2018

4 නුඹලා මාගේ ඇස් හමුයෙහි වටිනා වස්තුවක් වන බැවින් ද ගරු කටයුතු ව සිටින බැවින් ද මා නුඹලාට පෙම් කරන බැවින් ද නුඹලා මුදන පිණිස දේශයන් හා එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 නුඹලා මාගේ ඇස් හමුයෙහි වටිනා වස්තුවක් වන බැවින් ද ගරු කටයුතු ව සිටින බැවින් ද මා නුඹලාට පෙම් කරන බැවින් ද නුඹලා මුදන පිණිස දේශයන් හා එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 නුඹ මා ඉදිරියේ අනර්ඝව ගරුකටයුතුවූ බැවින්ද, මා නුඹට ප්‍රේමකළ බැවින්ද, නුඹ වෙනුවට මිනිසුන්ද නුඹේ ජීවිතය වෙනුවට ජනයන්ද දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 43:4
23 හුවමාරු යොමු  

එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.


ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි.


මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.


බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.


මෙසේ කෙළේ, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්, ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ද, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණිසත් ය.


ඔබ මට ප්‍රේම කරන බැවින් ද මා පියාණන් වහන්සේ වෙතින් වැඩම කළ බව ඔබ විශ්වාස කරන බැවින් ද පියාණන් වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක.


“ඉශ්රායෙල් බාල වියේ දී මම ඔහුට ප්‍රේම කෙළෙමි; මා පුත් ඔහු මිසරයෙන් කැඳවාගතිමි.


එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත.


සියලු බලැති සමිඳාණන් වහන්සේ කී දේ ඒ පොතේ මෙසේ සටහන් කර ඇත. “ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය, මා ක්‍රියා කරන දවසේ දී ඔව්හු මාගේ ම විශේෂ උරුමය වන්නෝ ය. පියෙකු තමාට සේවය කරන පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් මම ඔවුන්ට කරුණාව දක්වන්නෙමි.


සමිඳාණෝ තමන්ට ම ජාකොබ්ගේ පෙළපත ද තමන්ගේ විශේෂ උරුමය කොට ඉශ්රායෙල් සෙනඟ ද තෝරාගත් සේක.


ඔබ උන් වහන්සේගේ අණපනත් සියල්ල පිළිපදින්නහු නම්, උන් වහන්සේ පොරොන්දු වූ ප්‍රකාර, ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනඟක් මෙන් අද දින පිළිගන්න බව ප්‍රකාශ කරන සේක.


ඔබ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සෙනඟකි. මිහි පිට සියලු ජාතීන් අතරෙන් සමිඳාණන් වහන්සේ සතු විශේෂ සෙනඟක් වන පිණිස උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”


ඔබ මට දැක් වූ ප්‍රේමය ඔවුන් තුළ වන පිණිසත්, මා ද ඔවුන් තුළ වන පිණිසත්, ඔබගේ නාමය ඔවුන්ට දන්වා වදාළෙමි. තවත් දන්වා වදාරන්නෙමි.”


“මම නුඹලාට ප්‍රේම කෙළෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එහෙත්, ඔබ වහන්සේ අපට කෙසේ ප්‍රේම කළ සේක් දැ”යි නුඹලා අසන්නහු ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒසව් හා ජාකොබ් සහෝදරයෝ නොවෙත් ද? එහෙත්, මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි.


සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.


එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද?


ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.


ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.


මා උපදින්නටත් පෙර තමන්ගේ සෙනඟ ආපසු ගෙනෙන පිණිසත්, විසිර සිටින ඉශ්රායෙල් ජනයා, ජාකොබ්ගේ වංශය එක් රැස් කරන පිණිසත් සේවකයෙකු වශයෙන් සමිඳාණෝ මා පත් කළ සේක. සමිඳාණෝ මට ගෞරවය දෙන සේක. එතුමාණෝ මාගේ ශක්තිය වන සේක.


ඔබේ පියවරුන්ට උන් වහන්සේ ප්‍රේම කළ නිසා, ඔවුන්ගෙන් පැවත ආ පෙළපත තෝරාගෙන මහා බලය පා මිසර දේශයෙන් උන් වහන්සේ ම ඔවුන් ගෙනා සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්