එසේ ය, සලමොන් මහලු වූ කල ඒ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙත හැරෙවුවෝ ය. ඔහුගේ සිත තමාගේ පිය දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.
1 ලේකම් 28:7 - Sinhala New Revised Version 2018 අද දවසේ මෙන් ඔහු මාගේ ආඥා ද විනිශ්චයයන් ද රක්ෂා කරමින් ස්ථිර ව සිටියොත්, ඔහුගේ රජකම සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක. Sinhala New Revised Version අද දවසේ මෙන් ඔහු මාගේ ආඥා ද විනිශ්චයයන් ද රක්ෂා කරමින් ස්ථිර ව සිටියොත්, ඔහුගේ රජකම සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක. Sinhala Revised Old Version අද දවසේ මෙන් ඔහු මාගේ ආඥාද විනිශ්චයවල්ද රක්ෂාකරමින් ස්ථිරව සිටියොත් ඔහුගේ රජකම සදාකාලයටම ස්ථිර කරන්නෙමියි කීසේක. |
එසේ ය, සලමොන් මහලු වූ කල ඒ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙත හැරෙවුවෝ ය. ඔහුගේ සිත තමාගේ පිය දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.
තවද, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මාගේ ආඥා ද පනත් ද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, නුඹේ ආයුෂ ද වැඩිකරන්නෙමි”යි ඔහුට වදාළ සේක.
එබැවින් උන් වහන්සේගේ පනත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”
සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ට අණ කරවූ පනත් හා විනිශ්චයයන් පිළිපදින්නට වග බලාගත්තොත් ඔබ සඵල වන්නෙහි ය. ශක්තිමත් ව, ස්ථිර ව සිටින්න. බිය නොවන්න; තැති නොගන්න.
ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.
“ඉතින්, ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ, ඔබට පසු ව ඔබේ පුත්‍රයන්ට එය සදහට ම උරුම කර දෙන පිණිස, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින් ඒවා සොයන්න කියා සමිඳාණන් වහන්සේගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිට ද අපේ දෙවියන් වහන්සේට ඇසෙන ලෙස ද මම ඔබට අවවාද කරමි.
නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”