1 රාජාවලිය 8:61 - Sinhala New Revised Version 201861 එබැවින් උන් වහන්සේගේ පනත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version61 එබැවින් උන් වහන්සේගේ පණත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version61 එබැවින් උන්වහන්සේගේ පනත්වල හැසිර උන්වහන්සේගේ ආඥා පවත්වන හැටියට නුඹලාගේ සිත් අද දවසේ මෙන් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත සම්පූර්ණව තිබේවයි කීවේය. පරිච්ඡේදය බලන්න |
“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.