Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:4 - Sinhala New Revised Version 2018

4 එසේ ය, සලමොන් මහලු වූ කල ඒ භාර්යාවෝ‍ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙත හැරෙවුවෝ‍ ය. ඔහුගේ සිත තමාගේ පිය දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එසේ ය, සලමොන් මහලු වූ කල ඒ භාර්යාවෝ‍ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙත හැරෙවුවෝ‍ ය. ඔහුගේ සිත තමාගේ පිය දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:4
26 හුවමාරු යොමු  

ඉතින්, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි සෘජු සිතක් ඇති ව ද අවංක ව ද හැසිරෙමින්, මා නුඹට අණ කළ සියල්ල ප්‍රකාරයට ඉටු කර, මාගේ පනත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්,


එබැවින් උන් වහන්සේගේ පනත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”


“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.


සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු තමාගේ පිය දාවිත් මෙන් සමිඳාණන් වහන්සේ අනුව මුළු සිතින් ගමන් කෙළේ නැත.


ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරමින් තමාගේ පිය වූ දාවිත්ගේ ආදර්ශය අකුරට ම පිළිපැද්දේ ය.


සමිඳාණන් වහන්සේ ජෙහෝෂාපාට් සමඟ වැඩ සිටි සේක. මන්ද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ මුල් කාලයේ ආදර්ශ අනුව හැසිර, බාල් දේවතාවුන්ට වැඳුම්පිදුම් නොකර,


‘සැබැවින් ම ඔවුන් නුඹලාගේ සිත් ඔවුන්ගේ දෙවිවරුන් වෙත හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතු ය; ඔවුන්ට නුඹලා අතරට එන්නට ඉඩ නොදිය යුතු ය’යි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට යම් යම් ජාතීන් ගැන වදාළ සේක් ද, ඒ ඒ ජාතීන්ට සලමොන් රජ ස්නේහයෙන් ඇළුම් වූයේ ය.


තවද, ඔහු තම සිත මුළා ව නොයන පිණිස බොහෝ භාර්යාවන් ද පාවා නොගත යුතු ය. තම වාසියට බොහෝ රන් රිදී ද සපයා නොගත යුතු ය.


ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, එසේ කෙළේ මුළු සිතින් නොවේ.


ඔබේ ආඥා ද ශික්ෂා ද පනත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”


“අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.


එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලද්දේ ය. එසේ වී නමුත්, ආසාගේ සිත ඔහුගේ මුළු ජීවිත කාලයේ දී සමිඳාණන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාසී ව තිබිණි.


තමාගේ පියා පෙර කළ සියලු පාප ඔහු කෙළේ ය. ඔහුගේ සිත ද ඔහුගේ පිය වූ දාවිත්ගේ සිත මෙන් තම දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.


සලමොන්ගේ පුත් රෙහොබෝවම් ජුදාහි රජකමට පත් විය. රෙහොබෝවම් රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ සිය නාමය තැබීමට සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වූ ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වන ඔහුගේ මවගේ නම නාමා ය.


සලමොන් ජෙරුසලමේ මුළු ඉශ්රායෙල් දේශයෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දකි.


මාගේ මෙහෙකරු වූ දාවිත් කළ පරිදි නුඹ මාගේ ආඥා හා පනත් රක්ෂා කරමින්, මා නුඹට අණ කරන සියල්ලට ඇහුම්කන් දී, මාගේ මාර්ගවල හැසිර මාගේ ඇස් හමුයෙහි හරි දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථීර වූ පෙළපතක් ගොඩනඟා දුන් ලෙස නුඹටත් ගොඩනඟා දී ඉශ්රායෙල්වරුන් නුඹට භාර දෙන්නෙමි.


සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සහ රජ මාලිගාව යන මාලිගා දෙක ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු,


තවද, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටත් ව ආපසු පැමිණ හාරසිය අසූ වන අවුරුද්දේ එනම්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සලමොන් රජකම් කිරීමට පටන්ගෙන සතර වන අවුරුද්දේ දෙ වන‍ මාසය වූ ශිව් මාසයේ දී ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්තේ ය.


එසේ කළොත්, අන් දෙවි දේවතාවන් හට වැඳුම්පිදුම් කරනු පිණිස, මා අනුගමනය කිරීමෙන් ඔව්හු ඔබේ පුත්‍රයන් වළක්වන්නෝ ය. එවිට සමිඳාණන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ විගස ඔබ වනසාලනු ඇත.


සලමොන් තම පිය වූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර සමිඳාණන් වහන්සේට ප්‍රේම කෙළේ ය. තවද, ඔහු කඳු මත පූජාස්ථානවල පූජා සහ සුවඳ දුම් ඔප්පු කෙළේ ය.


මෙසේ සලමොන් තමාට දෙවරක් දර්ශනය වූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙන් තම සිත අහක් කරගත් බැවින් සමිඳාණන් වහන්සේ ඔහු සමඟ උදහස් වූ සේක.


“මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.”


මා මෙසේ කරන්නේ, සලමොන් ඔහුගේ පිය වූ දාවිත් මෙන් මාගේ ඇස් හමුවෙහි හරි දේ ද මාගේ පනත් ද විනිශ්චයයන් ද ඉෂ්ට නොකරමින්, මාගේ මාර්ගවල නොහැසිර, මා අත්හැර සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත්ට ද මෝවබ්වරුන්ගේ දේවතාවා වූ කෙමොෂ්ට ද අම්මොන්වරුන්ගේ දේවතාවා වූ මිල්කොම්ට ද නමස්කාර කළ නිසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්