දාවිත් ගේර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් කාණ්ඩවලට බෙදුවේ ය.
1 ලේකම් 28:13 - Sinhala New Revised Version 2018 පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද කාණ්ඩවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය. Sinhala New Revised Version පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය. Sinhala Revised Old Version පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු බඩුවලත් ආදෘශයද තමාගේ පුත්‍රවූ සාලමොන්ට දුන්නේය. |
දාවිත් ගේර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් කාණ්ඩවලට බෙදුවේ ය.
එක එක සේවයේ සියලු රන් බඩුවල සැලැස්ම ද රන්වල බර ද සියලු රිදී බඩුවල සැලැස්ම ද එක එක සේවයේ සියලු බඩුවල බර ද
ඇරත් පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද කාණ්ඩවල අය දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවල දී සියලු ආකාර වැඩට දක්ෂකම ද කැමැත්ත ද ඇති හැම දෙනා ද ඔබ සමඟ සිටිති. ඇරත් අධිපතියෝත්, මුළු සෙනඟත් ඔබේ අණට මුළුමනින් යටත් වන්නෝ ය”යි කීවේ ය.
ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදිය ද ශුද්ධස්ථානයේ සියලු භාජන ද සිහින් පිටි ද මුද්‍රික පානය ද තෙල් ද තුවරලා ද සුවඳ ද්‍රව්‍ය ද බලාගන්නට පත් කරන ලද්දෝ ය.
සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.