Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 9:29 - Sinhala New Revised Version 2018

29 ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදිය ද ශුද්ධස්ථානයේ සියලු භාජන ද සිහින් පිටි ද මුද්‍රික පානය ද තෙල් ද තුවරලා ද සුවඳ ද්‍රව්‍ය ද බලාගන්නට පත් කරන ලද්දෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදිය ද ශුද්ධස්ථානයේ සියලු භාජන ද සිහින් පිටි ද මුද්‍රික පානය ද තෙල් ද තුවරලා ද සුවඳ ද්‍රව්‍ය ද බලාගන්නට පත් කරන ලද්දෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඔවුන්ගෙන් සමහරෙක් බඩුබාහිරාදියද ශුද්ධස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවරලාද සුවඳ ද්‍රව්‍යද බලාගන්ට පත්කරන ලද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:29
5 හුවමාරු යොමු  

ආහාර පූජාවටත්, මුහුන් නැති පූපවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,


ලෙවීවරුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්හ. මන්ද, ඒවා ඇතුළට ගන්නටත්, පිටතට ගන්නටත් යෙදුණේ ගණන් කළ පසු ව ය.


කොයි කාරණයක් ගැන වත්, අගනා වස්තු ගැන වත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නො වූ හ.


“පහන නිතර ම දැල්වෙමින් පවතින පිණිස, පහනට පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්නට නුඹ ඉශ්රායෙල් ජනයාට අණ කළ යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්