Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 28:13 - Sinhala New Revised Version

13 පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද කාණ්ඩවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු බඩුවලත් ආදෘශයද තමාගේ පුත්‍රවූ සාලමොන්ට දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 28:13
9 හුවමාරු යොමු  

දාවිත් ගේර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් පංතිවලට බෙදුවේ ය.


එක එක සේවයේ සියලු රන් බඩුවල සැලැස්ම ද රන්වල බර ද සියලු රිදී බඩුවල සැලැස්ම ද එක එක සේවයේ සියලු බඩුවල බර ද


ඇරත් පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවල අය දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවල දී සියලු ආකාර වැඩට දක්ෂකම ද කැමැත්ත ද ඇති හැම දෙනා ද ඔබ සමඟ සිටිති. ඇරත් අධිපතියෝත්, මුළු සෙනඟත් ඔබේ අණට මුළුමනින් යටත් වන්නෝ ය”යි කීවේ ය.


ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදිය ද ශුද්ධස්ථානයේ සියලු භාජන ද සිහින් පිටි ද මුද්‍රික පානය ද තෙල් ද තුවරලා ද සුවඳ ද්‍රව්‍ය ද බලාගන්නට පත් කරන ලද්දෝ ය.


සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්