ඔව්හු ද තමන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන් ම දාවිත් රජු ද ශාදොක් ද අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි පස ඇට දැමුවෝ ය. පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන් ම පස ඇට දැමුවේ ය.
1 ලේකම් 26:13 - Sinhala New Revised Version 2018 ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය. Sinhala New Revised Version ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය. Sinhala Revised Old Version ඔව්හුද තමුන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන්ම කුඩා අයත් එක එක දොරටුව ගැන පසඇට දැමුවෝය. |
ඔව්හු ද තමන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන් ම දාවිත් රජු ද ශාදොක් ද අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි පස ඇට දැමුවෝ ය. පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන් ම පස ඇට දැමුවේ ය.
දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.
ඔව්හු ලොකු අය මෙන් කුඩා ම අය ද ගෝලයා මෙන් ම ගුරුවරයා ද තමන්ගේ මෙහෙය ගැන පස ඇට දැමුවෝ ය.
සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මෙහෙ කරන පිණිස තමන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියා වූ ප්‍රධාන මනුෂ්‍යයන් වූ ඔවුන්ට දොරටු පාලකයන්ගේ කාණ්ඩ වැටුණේ ය.
නැගෙනහිර පැත්තේ පස ඇටය වැටුණේ ෂෙලෙමියාට ය. ඉන්පසු ඔහුගේ පුත් නැණවත් මන්ත්‍රීවරයෙකු වූ ශෙකරියා ගැන පස ඇට දැමුවෝ ය. ඔහුගේ පස ඇටය වැටුණේ උතුරු පැත්තට ය.