Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 26:13 - Sinhala Revised Old Version

13 ඔව්හුද තමුන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන්ම කුඩා අයත් එක එක දොරටුව ගැන පසඇට දැමුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 26:13
5 හුවමාරු යොමු  

ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය.


දෙගොල්ල ගැනම එකට පසඇට දමා බෙදුවෝය; මක්නිසාද ශුද්ධස්ථානයේ අධිපතියොත් දෙවියන්වහන්සේගේ අධිපතියොත් එලෙයාසර් පුත්‍රයන් අතරේ සහ ඊතාමාර් පුත්‍රයන් අතරේත් වූහ.


ඔව්හු ලොකු අය මෙන් කුඩා අයද ගෝලයා මෙන් ගුරුවරයාද තමුන්ගේ මෙහෙය ගැන පසඇට දැමුවෝය.


ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මෙහෙකරන පිණිස තමුන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියාවූ ප්‍රධාන මනුෂ්‍යයන්වූ ඔවුන්ට දොරටුපාලයන්ගේ පංක්ති වැටුණෝය.


නැගෙනහිර පැත්තේ පසඇටය වැටුණේ ෂෙලෙමියාටය. ඉන්පසු ඔහුගේ පුත්‍රවූ ඥානවත් මන්ත්‍රියෙක්වූ ශෙකරියා ගැන පසඇට දැමුවෝය; ඔහුගේ පසඇටය වැටුණේ උතුරු පැත්තටය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්