Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 25:8 - Sinhala New Revised Version 2018

8 ඔව්හු ලොකු අය මෙන් කුඩා ම අය ද ගෝලයා මෙන් ම ගුරුවරයා ද තමන්ගේ මෙහෙය ගැන පස ඇට දැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔව්හු ලොකු අය මෙන් කුඩා ම අය ද ගෝලයා මෙන් ම ගුරුවරයා ද තමන්ගේ මෙහෙය ගැන පස ඇට දැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔව්හු ලොකු අය මෙන් කුඩා අයද ගෝලයා මෙන් ගුරුවරයාද තමුන්ගේ මෙහෙය ගැන පසඇට දැමුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 25:8
13 හුවමාරු යොමු  

ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය.


තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ; තීරණය දෙන්නේ සමිඳාණෝ ය.


එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද අපෝස්තුළුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී.


ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.


ඈ බැලූ විට ඇතුළු වන තැන රජ තෙම තම වේදිකාව උඩ සිටිනවාත්, රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටිනවාත් දැක, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත් ව හොරණෑ පිඹිණවාත්, ගී කියන්නන් ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන් ද ප්‍රශස්ති ගී ගයනවාත් අසා, කෝපයෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකම ය, ද්‍රෝහිකම ය” කියා කෑ ගැසුවා ය.


බස්නාහිර පැත්තේ නඟින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත්, හෝසාටත් වැටුණේ ය. දොරටු පාලකයෝ මාරුවෙන් මාරුවට සිටියෝ ය.


ඔව්හු ද තමන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන් ම දාවිත් රජු ද ශාදොක් ද අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි පස ඇට දැමුවෝ ය. පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන් ම පස ඇට දැමුවේ ය.


දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.


කෙනනියා ගායනා කිරීම ගැන ලෙවීවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. ඔහු ඊට දක්ෂ ව සිටි බැවින් ගායනා කරන්නන්ට එය ඉගැන්නුවේ ය.


ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේට එකෙකු ද අශාශෙල්ට එකෙකු ද වශයෙන් තෝරාගැනීම සඳහා, එළුවන් දෙදෙනාට දාදු දැමිය යුතු ය.


පළමු වන කොටස වැටුණේ ආසාප්ට අයිති ජෝසෙප්ට ය; දෙ වන එක ගෙදලියා ද ඔහුගේ සහෝදරයන් ද පුත්‍රයන් ද යන දොළොස්දෙනෙකුට ය;


ආසාප්ගේ පුත්‍රයන්ගෙන් ශක්කුර් ද ජෝසෙප් ද නෙතනියා ද අසිරේලා ද යන ආසාප්ගේ පුත්‍රයෝ ය. මොවුහු රජුගේ අණ ලෙස ධර්ම වාක්‍ය ගායනා කළා වූ ආසාප් යටතේ සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්