මුෂීගේ පුත්‍රයෝ නම්: මාලී, ඒදෙර් සහ ජෙරීමොත් ය. ඔව්හු තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝ ය.
1 ලේකම් 24:31 - Sinhala New Revised Version 2018 ඔව්හු ද තමන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන් ම දාවිත් රජු ද ශාදොක් ද අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි පස ඇට දැමුවෝ ය. පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන් ම පස ඇට දැමුවේ ය. Sinhala New Revised Version ඔව්හු ද තමන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන් ම දාවිත් රජු ද ශාදොක් ද අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි පස ඇට දැමුවෝ ය. පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන් ම පස ඇට දැමුවේ ය. Sinhala Revised Old Version ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය. |
මුෂීගේ පුත්‍රයෝ නම්: මාලී, ඒදෙර් සහ ජෙරීමොත් ය. ඔව්හු තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝ ය.
ඔව්හු ලොකු අය මෙන් කුඩා ම අය ද ගෝලයා මෙන් ම ගුරුවරයා ද තමන්ගේ මෙහෙය ගැන පස ඇට දැමුවෝ ය.
ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය.
සලමොන් සියලු ඉශ්රායෙල්වරුන්ට එනම්, සහශ්‍රාධිපතීන්ට හා ශතාධිපතීන්ට ද විනිශ්චයකාරයන්ට ද පිය වංශවල ප්‍රධානීන් වන මුළු ඉශ්රායෙල්හි අධිපතීන් සියල්ලන්ට ද කතා කෙළේ ය.
ඔහු යටතේ වාර පිළිවෙළින් තමන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදා දෙන පිණිස, විශ්වාසවන්ත ව සහාය වීමට ඒදෙන් ද මිනියාමින් ද ජේෂුවා ද ෂෙමායා ද අමරියා ද ෂෙකනියා ද පූජකයන්ගේ නගරවල පත් ව සිටියෝ ය.