ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 23:29 - Sinhala New Revised Version 2018

ආහාර පූජාවටත්, මුහුන් නැති පූපවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආහාර පූජාවටත්, මුහුන් නැති රොටිවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පිදීමේ රොටිද ආහාර පූජාවටත් මුහුන් නැති රොටිවලටත් ඇතිලියටත් පොඟවන ඒවාටත් ඕනෑකරන සිහින් පිටිද සියලු ආකාර මිමිද මැනීම්ද බලාගැනීමත්,

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 23:29
16 හුවමාරු යොමු  

සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සියලු බඩු එනම්, රන් පූජාසනය ද පිදීමේ පූප තැබීමට රන් මේසය ද


මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ පූප ද


දිනපතා උදේ සවස සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට සිටීමත්,


ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ පූප රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය.


එවිට ඔව්හු රජ මැදුරේ සිට හෙසකියා රජු වෙත ගොස් කතා කොට, “අපි සමිඳාණන් වහන්සේගේ මුළු මාලිගාවත්, දවන යාග පූජාසනයත්, ඊට අයිති සියලු භාණ්ඩත්, පිදුම් පූප මේසයත්, ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදු කෙළෙමු.


තවද, නුඹ නිතර ම පිදුම් පූප මා ඉදිරියෙහි මේසය උඩ තැබිය යුතු වේ.”


උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය.


ශුද්ධස්ථානයේ සම්මත මිල අනුව, ගෙවූ මුදල රිදී කාසි එක්දාස් තුන්සිය හැටපහක් විය.


එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් පූපද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය.