Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 29:18 - Sinhala New Revised Version 2018

18 එවිට ඔව්හු රජ මැදුරේ සිට හෙසකියා රජු වෙත ගොස් කතා කොට, “අපි සමිඳාණන් වහන්සේගේ මුළු මාලිගාවත්, දවන යාග පූජාසනයත්, ඊට අයිති සියලු භාණ්ඩත්, පිදුම් පූප මේසයත්, ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදු කෙළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එවිට ඔව්හු රජ මැදුරේ සිට හෙසකියා රජු වෙත ගොස් කතා කොට, “අපි සමිඳාණන් වහන්සේගේ මුළු මාලිගාවත්, දවන යාග පූජාසනයත්, ඊට අයිති සියලු භාණ්ඩත්, පිදුම් පූප මේසයත්, ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදු කෙළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එවිට ඔව්හු හෙසකියා රජු වෙතට රාජ මාලිගාව ඇතුළට ගොස් කථාකොට: අපි ස්වාමීන්වහන්සේගේ මුළු ගෘහයත් දවන පූජා පුදන පූජාසනයත් ඊට අයිති සියලු භාණ්ඩත් රොටි මේසයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදුකෙළෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:18
6 හුවමාරු යොමු  

ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ පූප රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය.


ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා දේව මාලිගාව පවිත්‍ර කරන්නට පටන්ගෙන, මාසයේ අට වන දා සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපයට ආවෝ ය. අට දවසකින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාව පවිත්‍ර කර පළමු වන මාසයේ දහසය වන දා එය නිම කළෝ ය.


ඇරත් ආහාස් රජු රජකම් කරන කල ඔහුගේ ද්‍රෝහිකමේ දී අහක දැමූ සියලු භාණ්ඩත් අපි සූදානම් කර පවිත්‍ර කෙළෙමු. ඒවා සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේ ය”යි කීවෝ ය.


ඔහු ලෝකඩ පූජාසනයක් ද සෑදුවේ ය. එහි දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් හතරයි දශම පහකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්