Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 23:29 - Sinhala Revised Old Version

29 පිදීමේ රොටිද ආහාර පූජාවටත් මුහුන් නැති රොටිවලටත් ඇතිලියටත් පොඟවන ඒවාටත් ඕනෑකරන සිහින් පිටිද සියලු ආකාර මිමිද මැනීම්ද බලාගැනීමත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ආහාර පූජාවටත්, මුහුන් නැති රොටිවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ආහාර පූජාවටත්, මුහුන් නැති පූපවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:29
16 හුවමාරු යොමු  

පිදීමේ රොටි මේසය පිට මා ඉදිරියෙහි නිතරම තබන්න.


මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදනලද්දේය, එහි පහන්රුකද මේසයද පිදීමේ රොටිද තිබුණේය;


එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද?


අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මුළු වැඩ සඳහාත් ෂෙකෙලකින් තුනෙන් පංගුවක් අවුරුදු පතා දෙන ලෙස අපට නියෝග පනවාගතිමු.


එවිට ඔව්හු හෙසකියා රජු වෙතට රාජ මාලිගාව ඇතුළට ගොස් කථාකොට: අපි ස්වාමීන්වහන්සේගේ මුළු ගෘහයත් දවන පූජා පුදන පූජාසනයත් ඊට අයිති සියලු භාණ්ඩත් රොටි මේසයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදුකෙළෙමුව.


ඔව්හු ස්වාමීන්වහන්සේට හැම උදයද හැම සවසද දවන පූජාත් සුවඳ දුම් ඔප්පුකරති. පිදීමේ රොටි රන් මේසය උඩ තබති, රන් පහන්-රුක සමඟ එහි පහන් හැම සවසම දල්වති. මක්නිසාද අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ භාරය පවත්වමුව; නුමුත් නුඹලා උන්වහන්සේ අත්හැරියහුය.


සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,


ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන්ගෙන් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ගණනට ෂෙකෙල් එක්දාස් තුන්සිය හැටපහක් මුදල ගෙන,


උදුනේ බදින්නාවූ ආහාර පූජා සියල්ලද වළඳෙත් ඇතිලියෙත් පිළියෙළකරන සියල්ලද ඒවා ඔප්පුකරන පූජකයාට හිමිවන්නේය.


මක්නිසාද ඔවුන්ගේ තනතුර නම් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාරකිරීමය. එනම්: මිදුල්ද ඇතුල් ගෙවල්ද සියලු ශුද්ධ දේවල් පවිත්‍රකිරීමද දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයේ වැඩද


සියලු දවස්වල උදේ සවස ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමට සිටීමත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්