ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.
1 ලේකම් 23:28 - Sinhala New Revised Version 2018 මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ පූප ද Sinhala New Revised Version මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ රොටි ද Sinhala Revised Old Version මක්නිසාද ඔවුන්ගේ තනතුර නම් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාරකිරීමය. එනම්: මිදුල්ද ඇතුල් ගෙවල්ද සියලු ශුද්ධ දේවල් පවිත්‍රකිරීමද දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයේ වැඩද |
ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.
ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ ද රාජ සේවයේ ප්‍රධානියන් ව සිටියහ.
දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන් ගන්න ලද්දෝ ය.
ආහාර පූජාවටත්, මුහුන් නැති පූපවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,
මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ.
පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද කාණ්ඩවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය.
ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය.
එහෙත්, පූජකයන් ද ලෙවීවරුන්ගෙන් සේවය කරන්නන් ද හැර වෙන කිසිවෙක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් නොවෙත්වා. ඔව්හු විශුද්ධ ව සිටින නිසා ඇතුළු වෙත්වා. එහෙත්, මුළු සෙනඟ සමිඳාණන් වහන්සේගේ නියමයන් පිළිපැද්ද යුතු ය.
තමන්ගේ සහෝදරයන් රැස් කර, තුමූ ම පවිත්‍ර වී, රජුගේ ආඥාව පරිද්දෙන් සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන්නට ආවෝ ය.
ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ලෙවීවරුනි, මට සවන් දෙන්න; ඔබ දැන් පවිත්‍ර වී, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවත් පවිත්‍ර කොට, ශුද්ධස්ථානයෙන් අපවිත්‍රකම පහකරන්න.
එකල හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් පිළියෙළ කරන්න අණ කෙළේ ය. ඔව්හු එසේ පිළියෙළ කොට,
හෙසකියා දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කරන්නත්, සමිඳාණන් වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්නත්, ස්තුති ප්‍රශංසා කරන්නත්, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් කාණ්ඩවල ප්‍රකාරයට, පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ කාණ්ඩ නියම කෙළේ ය.
ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ ගෘහයේ ඇතුළු ගෙවල්වල දී ප්‍රධාන පූජකයන් සහ ලෙවීවරුන් ද ඉශ්රායෙල් පිය වංශවල අධිපතීන් ද ඉදිරිපිට දී ඒවා කිරන තුරු, ඒවා මුර කරමින් ප්‍රවේසම් කරගන්නැ’යි කීමි.
ජුදාගේ පුත්‍රයා වන ශෙරාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මෙෂේශබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේ ය.
ඉන්පසු ඒ කාමරය පිරිසිදු කරන ලෙස ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ ද ආහාර පූජා ද තුවරලා ද නැවත එහි තබන ලෙස ද අණ කෙළෙමි.
සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි.
එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.
ශාලාවේ දෙපැත්තෙහි ද කාමරවල ද ඝන ලී උඩුවියනේ ද දෙපැත්තේ බිත්තිවල ද පටු කවුළු සහ තල් ගස් තිබිණි. ඝන ලී පඩි කඳන් ද තිබිණි.
එවිට ඔහු මට කතා කොට, “වෙන් වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමර ද දකුණු කාමර ද ශුද්ධ කාමර වේ. එහි සමිඳාණන් වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අතිශුද්ධ දේ අනුභව කරන්නෝ ය. එහි ඔව්හු අතිශුද්ධ දේවල් වූ ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද තබන්නෝ ය. මන්ද, ඒ ස්ථානය ශුද්ධ ය.
ඇතුළු මළුවේ මීටර් දහයකට ඉදිරිපිටත්, පිට මළුවේ ගල් බිම ඉදිරිපිටත් නවාතැන් ශාලාවක් බැගින් මහල් තුනක් තිබිණි.
එසේ මාලිගාවේ මුළු මෙහෙයටත්, එහි කෙරෙන සියල්ලටත් ඔවුන් මාලිගාව බලාගන්න රැකවලුන් කරන්නෙමි.