Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 35:4 - Sinhala New Revised Version 2018

4 සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ෂල්ලුම්ගේ පුත්‍රවූ දොරටුපාලයාවූ මයසේයාගේ ඇතුල්ගෙට ඉහළින් තිබුණාවූ, අධිපතීන්ගේ ඇතුල් ගෙට යාව තිබුණාවූ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත්‍රවූ හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුල්ගෙට ඇවිත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 35:4
35 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:


තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක කාණ්ඩ ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.


එහෙත්, පූජක වූ ජෙහෝයාදා පෙට්ටියක් ගෙන පියනේ සිදුරක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන මාර්ගයේ දකුණු පැත්තේ පූජාසනය ළඟ එය තැබී ය. තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනා මුදල් සියල්ල ම දොරටු පාලකයන් වන පූජකයෝ එහි දැමූ හ.


රැකවලුන්ගේ අධිපතියා නායක පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපතියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.


එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය.


එහෙත්, දෙවියන් වහන්සේගේ පණිවුඩය උන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ෂෙමායා වෙත පැමිණ,


එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය.


දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී, ඕනෑ ම යහපත් සේවයකට සූදානම් ව සිටින්නේ එසේ ය.


එහෙත් දෙවියන් වහන්සේට කැපවූවකු වන ඔබ, මේ දේවලින් වැළකී සිටිය යුතු ය. දමිටුකමට ද භක්තිවන්තකමට ද ඇදහිල්ලට ද ප්‍රේමයට ද ඉවසිලිවන්තකමට ද ශාන්තදාන්තකමට ද, අවධානය යොමු කරන්න.


ඔව්හු තමන්ගේ එළිපත්ත මාගේ එළිපත්ත ළඟ ද තමන්ගේ උළුවහු කණු මාගේ උළුවහු කණු ළඟ ද තැබූ හ. මා සහ ඔවුන් අතරේ තිබුණේ බිත්තිය පමණක් ය; එසේ ඔවුන් කළ තමන්ගේ පිළිකුල් ක්‍රියා මඟින් ඔව්හු මාගේ සුවිශුද්ධ නාමය කෙලෙසූ හ. මම ද මාගේ උදහසින් ඔවුන් විනාශ කෙළෙමි.


තවද, රැකවල් සේනාවේ අධිපතියා, උත්තම පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපනියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.


ජුදාහි අධිපතීහු ඒ කාරණය අසා, රජ ගෙදර සිට සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුවෙහි ඇතුළු වන තැන අසුන්ගත්හ.


ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.


දෙවියන් වහන්සේගේ මාලිගාව රැකවල් කිරීම ඔවුන්ගේ යුතුකම ව තිබුණු නිසා ඔව්හු ඒ මාලිගාව වටකර නැවතී සිටියෝ ය. උදයෙන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේ ය.


තමාගේ අත පිට රජු හේත්තු වී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත් කරන ලද්දේ ය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මැරුණේ ය. මෙසේ රජු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධ විය.


එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා දැනුම් දුන් ස්ථානයට ඉශ්රායෙල් රජ මිනිසුන් යැවී ය. ඔහු ද රජුට අනතුරු ඇඟ වූ බැවින් රජ ද පරීක්ෂාකාරී ව සිටියේ ය. එසේ වූයේ වරක් දෙවරක් නොව, බොහෝ වාරයක් ය.


එකල දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාර ගෙහාසී කල්පනා කොට, “බලන්න, මාගේ ස්වාමියා මේ සිරියන් ජාතික නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් නොපිළිගෙන නිකම් යන්න හැරියේ ය. ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම ඔහු පස්සේ දිව ගොස් ඔහුගෙන් යමක් ලබාගනිමි”යි දිවිරී ය.


එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළං වී ඉශ්රායෙල් රජුට කතා කොට, “ ‘සමිඳාණන් වහන්සේ කඳුවල දෙවි කෙනෙකු මිස, මිටියාවතේ දෙවි කෙනෙක් නොවන සේකැ’යි සිරියාවේ වැසියන් කී නිසා, ‘මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


ස්ත්‍රිය ද කතා කරමින්, “ඔබ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු බව ද, ඔබේ මුඛයෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සැබෑ බව ද දනිමි”යි එලියාට කීවා ය.


එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.


මාර්ගයෙන් ඔහු කැඳවාගත් දිවැසිවරයා එපවත් අසා, “ඒ වනාහි සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වූ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔහුට දුන් පණිවුඩය ලෙස උන් වහන්සේ ඔහු සිංහයාට පාවා දුන් සේක. ඌ ඔහු ඉරා මරා දැමී ය”යි කී ය.


ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් ඒලී වෙත අවුත්, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය: “නුඹේ පියා ද ඔහුගේ වංශය ද මිසරයෙහි පාරාවෝගේ ගෙදර වහල් ව සිටිය දී මම ඔවුන්ට ප්‍රකාශ නොවීම් ද?


එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන ජෙරමියාගේ පුත් ජාශනියා ද ඔහුගේ සහෝදරයන් ද ඔහුගේ සියලු පුත්‍රයන් ද රේකාබ්වරුන්ගේ මුළු වංශය ද අඬගසාගෙන,


ප්‍රවේශ ශාලාවේ කණු ළඟ කාමරයක් ද එහි දොරකඩක් ද තිබුණේ ය. එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිස ය.


ශෙදෙකියා රජු මල්කියාගේ පුත් පෂ්හුර් සහ පූජකයා වන මයසේයාගේ පුත් පූජක ශෙපනියා ද ජෙරමියා වෙත යවා මෙසේ ඇසුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගෙන් ඔහුට මේ පණිවුඩය ලැබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්