1 ලේකම් 23:24 - Sinhala New Revised Version 2018 ඔව්හු තමන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියන් වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක් කෙනෙකු එක් කෙනෙකු පාසා නම් වශයෙන් ගණන් කරන ලද්දා වූ, සමිඳාණන් වහන්සේගේ මාලිගා සේවයේ වැඩ කළා වූ ලෙවීගේ පුත්‍රයෝ ය. Sinhala New Revised Version ඔව්හු තමන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියන් වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක් කෙනෙකු එක් කෙනෙකු පාසා නම් වශයෙන් ගණන් කරන ලද්දා වූ, සමිඳාණන් වහන්සේගේ මාලිගා සේවයේ වැඩ කළා වූ ලෙවීගේ පුත්‍රයෝ ය. Sinhala Revised Old Version ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය. |
දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන් ගන්න ලද්දෝ ය.
ලෙවීවරුන්ගෙන් ගණන් ගන්නා ලද්දේ, තිස් අවුරුද්දක පටන් ඉන් ඉහළට වයස් ඇති අය ය. එසේ එක් කෙනෙකු එක් කෙනෙකු පාසා ගණන් ගන්න ලද පුරුෂයන්ගේ ගණන තිස්අටදහසක් විය.
එනම්, තමන්ගේ පිය වංශවල හැටියට ලියාපදිංචි වූ අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇති තමන්ගේ කාණ්ඩවල තම තනතුරුවල සිටි පූජකයන් ද ලෙවීවරුන් ද
ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවට ඔවුන්ගේ පැමිණීමෙන් පසු, දෙ වන අවුරුද්දේ දෙ වන මාසයේ දී ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද එහි වැඩ පටන්ගත්හ. ඔවුන්ගේ සෙසු සහෝදරයෝ ද පූජකයෝ ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී ජෙරුසලමට පැමිණි සියල්ලෝ ද ඔවුන්ට සහාය වූ හ. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලාගැනීමට විසි අවුරුදු හා ඊට වැඩි වයසැති ලෙවීවරුන් පත් කළෝ ය.
පවුර ගොඩනැඟුවාට පසු මම දොරවල් පිහිටෙව්වෙමි. දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද ලෙවීවරු ද පත් කරනු ලැබූ හ.
දෙ වන මාසයේ පළමු වන දින මුළු සෙනඟ රැස් කළහ. එවිට අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් ම තම තමන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද ලියාපදිංචි කරන ලදුව, වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම, ලේඛනගත කරන ලදී.
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සිමියොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි.
නුඹලා ශුද්ධස්ථානය හා පූජාසනය පිළිබඳ වගකීම භාරගත යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව මින්මතු මම රොස් නොවන්නෙමි.
මෙලෙස කඳවුරුවලට අයත් සේනාංක සියල්ලේ ම, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ ඉශ්රායෙල් ජනයාගේ මුළු ගණන හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් විය.
“ලෙවීගේ ගෝත්‍රයට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින් ඔවුන්ගේ පිය පෙළපත් හා පවුල් අනුව ලියාපදිංචි කරන්නැ”යි වදාළ සේක.
පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.
නුඹ ලියාපදිංචි කළ ඒ එක් එක්කෙනා වෙනුවට ශුද්ධස්ථානයේ සම්මත රිදී කාසි මිල අනුව රිදී කාසි පහ බැගින් අය කළ යුතු ය. රිදී කාසි එකක් ගේරා විස්සකට සමාන වේ.
අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.
අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.
“පහත දක්වන දේ ද ලෙවීවරුන් සම්බන්ධ ය. අවුරුදු විසි පහේ සිට ඊට වඩා වයසැති අය සම්මුඛ මණ්ඩපය තුළ සේවාව ඉටු කළ යුතු ය.