Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:15 - Sinhala New Revised Version 2018

15 “ලෙවීගේ ගෝත්‍රයට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින් ඔවුන්ගේ පිය පෙළපත් හා පවුල් අනුව ලියාපදිංචි කරන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “ලෙවීගේ ගෝත්‍රයට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින් ඔවුන්ගේ පිය පෙළපත් හා පවුල් අනුව ලියාපදිංචි කරන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ලෙවීගේ පුත්‍රයන් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ වංශවල ප්‍රකාරයට ගණන්කරන්න. මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලු පිරිමින් නුඹ විසින් ගණන්කළ යුතුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:15
17 හුවමාරු යොමු  

මාසයක් සහ ඊට වඩා වයසැති, ලියාපදිංචි කළ මුළු පිරිමින්ගේ ගණන විසිතුන්දාහකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම කොට යමක් නුදුන් බැවින්, මොවුහු ඉශ්රායෙල් ජනයාගේ සංගණනයට ඇතුළත් නොකරන ලදහ.


ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය.


ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.


ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි.


“ගොස්, ජෙරුසලමේ වැසියන්ට ඇසෙන ලෙස සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය ප්‍රකාශ කරන්න. යොවුන් වියෙහි නුඹ විශ්වාසවන්ත ව සිටි හැටිත්, භාර්යාවකට මෙන් මා නුඹට ප්‍රේම කළ හැටිත්, නොවපුළ දේශයක් වූ පාළුකරයෙහි නුඹ මා පසුපස්සේ ආ හැටිත් මම සිහි කරමි.


මට පෙම් කරන්නන්ට මමත් පෙම් කරමි, මා සොයන්නන්ට මා සම්බ වනු ඇත.


මෙලෙස මාසයක් හා ඊට වඩා වයසැති වෙන් වෙන් ව ලියාපදිංචි කරන ලද අයගේ මුළු එකතුව විසි දෙදාස් දෙසිය හැත්තෑතුනක් විය.


ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හයදාස් දෙසියයකි.


ඔවුන් අතර ලියාපදිංචි කළ, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු එකතුව අටදාස් හයසියයක් වේ. මොවුහු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝ ය.


ඔවුන් අතර ලියාපදිංචි කරන ලද, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හත්දාස් පන්සියයක් විය.


එහෙත්, මොවුන් සමඟ ලෙවීවරු තමන්ගේ පෙළපත් අනුව ලේඛනගත නොකරන ලදහ.


මෝසෙස් ද උන් වහන්සේ අණ කළ පරිදි එය ඉටු කෙළේ ය.


එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය.


ලියාපදිංචි කළ ලෙවීවරුන්ගේ ගණනට ඇතුළත් වූ අය නම්, ගේර්ෂොන්ගෙන් පැවතෙන ගේර්ෂොන් පවුල ය; කොහාත්ගෙන් පැවතෙන කොහාත් පවුල ය; මෙරාරීගෙන් පැවතෙන මෙරාරී පවුල ය.


එනම්, තමන්ගේ පිය වංශවල හැටියට ලියාපදිංචි වූ අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇති තමන්ගේ කාණ්ඩවල තම තනතුරුවල සිටි පූජකයන් ද ලෙවීවරුන් ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්