“සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය.
1 ලේකම් 22:19 - Sinhala New Revised Version 2018 ඉතින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ඔබේ සිතත්, බුද්ධියත් යොමු කරන්න. සමිඳාණන් වහන්සේගේ නාමයට ගොඩනඟන්න තිබෙන මාලිගාව තුළට උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද දෙවියන් වහන්සේගේ ශුද්ධ භාණ්ඩ ද ගෙන යන පිණිස නැඟිට දෙවි සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනඟන්නැ”යි කීවේ ය. Sinhala New Revised Version ඉතින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ඔබේ සිතත්, බුද්ධියත් යොමු කරන්න. සමිඳාණන් වහන්සේගේ නාමයට ගොඩනඟන්න තිබෙන මාලිගාව තුළට උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද දෙවියන් වහන්සේගේ ශුද්ධ භාණ්ඩ ද ගෙන යන පිණිස නැඟිට දෙවි සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනඟන්නැ”යි කීවේ ය. Sinhala Revised Old Version ඉතින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට නුඹලාගේ සිතත් ආත්මයත් යොමුකරන්න; ස්වාමීන්වහන්සේගේ නාමයට ගොඩනගන්ට තිබෙන ගෘහය තුළට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩද ගෙනයන පිණිස නැගිට දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනගන්නැයි කීවේය. |
“සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය.
තවද, සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන කරඬුවට එහි ස්ථානයක් නියම කෙළෙමි.”
පූජකවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන දේව මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නිසි තැන එය තැබූ හ.
එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදම් අනන්න. සමිඳුන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
ගණන් නැති තරම් රන් ද රිදී ද ලෝකඩ ද යකඩ ද තිබේ. නැඟිට වැඩ පටන් ගන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක්වා”යි කී ය.
දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “මාගේ පුත්‍රය, දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි.
“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.
එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කෙළේ ය.
පූජකයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත්, කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝ ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සමඟ කළ ගිවිසුම අඩංගු වූ කරඬුව එහි තැබුවෙමි”යි කීවේ ය.
සමිඳාණෝ සගලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක.
හිමිතුමාණන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමිතුමාණන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.
කඳුකරයට ගොස් ලී ගෙනවුත්, මා ප්‍රසන්න වන පිණිස ද මට නිසි නමස්කාරය ලැබෙන පිණිස ද දේව මාලිගාව නැවත ගොඩනඟන්න.
ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය.
ඉදින් පමා වන්නේ මන් ද? නැඟිට උන් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම-ස්නාපනය ලැබ, ඔබේ පව් සෝදා හරින්නැ’යි කී ය.”
එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත.