මොවුහු ගාත්හි දී යෝධයන්ට දාව උපන් අය ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද පැරදී මියගියෝ ය.
1 ලේකම් 21:1 - Sinhala New Revised Version 2018 එවිට සාතන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් සංගණනය කරන්න දාවිත් පෙළඹ වී ය. Sinhala New Revised Version එවිට සාතන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් සංගණනය කරන්න දාවිත් පෙළඹ වී ය. Sinhala Revised Old Version සාතන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන්කරන්ට දාවිත් පෙළඹවුවේය. |
මොවුහු ගාත්හි දී යෝධයන්ට දාව උපන් අය ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද පැරදී මියගියෝ ය.
ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනඟ ගණන් කරන්න පටන්ගත් නමුත්, එය අවසාන කෙළේ නැත. තවද, ඒ ගැන ඉශ්රායෙල් පිට උදහස පැමිණියේ ය. ඒ ගණන ද දාවිත් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේ ය.
මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝ ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව උතුම් වූ බලවන්ත මනුෂ්‍යයන් ව; ප්‍රධාන අධිපතියන් ව සිටියෝ ය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන් ගන්නා ලද්දෝ විසිහයදහසක් ය.
නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය.
“නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වසංගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය.
උත්තම පූජක ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියේ සිටිනවාත්, ජෝෂුවාගේ දකුණු පැත්තේ ඔහුට විරුද්ධ ව චෝදනා නඟන පිණිස සාතන් සූදානමින් සිටිනවාත් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක.
එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය.
උන් වහන්සේ එතැනින් ආ කල්හි විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගනු වස් මාන බලමින්,
“සීමොන්, සීමොන්, මෙය අසන්න. තිරිඟු පොළන්නාක් මෙන් ඔබ සියලු දෙන පොළාලන්නට සාතන් අවසර ලබා ඇත.
රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි.
එවිට පේදුරු කතා කොට, “අනනියස්, ශුද්ධාත්මයාණන් වහන්සේ රවටා, ඉඩමේ මුදලෙන් කොටසක් තබාගන්නට සාතන් ඔබේ සිත පෙළෙඹෙව්වේ කෙසේ ද?
පරීක්ෂා කරනු ලබන කල, “මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත.
ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, “අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත. මන්ද, අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදි.