1 ලේකම් 2:18 - Sinhala New Revised Version 2018 හෙශ්රොන්ගේ පුත් කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාව වූ අශුබාගෙන් ජෙරියොත් උපන්නා ය. ඈට පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු නම්: ජේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන් ය. Sinhala New Revised Version හෙශ්රොන්ගේ පුත් කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාව වූ අශුබාගෙන් ජෙරියොත් උපන්නා ය. ඈට පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු නම්: ජේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන් ය. Sinhala Revised Old Version හෙශ්රොන්ගේ පුත්‍රවූ කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාවවූ අසුබාගෙන්ද යෙරියොත්ගෙන්ද පුත්‍රයෝ උපන්නෝය. ඇගේ පුත්‍රයෝ නම්: යේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන්ය. |
හෙශ්රොන් කාලෙබ්එප්‍රාතාහි දී මියගිය පසු හෙශ්රොන්ගේ භාර්යාව වූ අබියා තෙකෝවා වැසියන්ගේ මුල් පියා වන අෂ්හූර් ලැබුවා ය.
ජෙරාමෙයෙල්ගේ සහෝදර වූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ, සීප්ගේ පියා වූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියා වූ මරේෂාගේ පුත්‍රයෝත් ය.
කාලෙබ්ගේ උපභාර්යාව වූ ඒපා හාරාන් ද මෝශා ද ගාසෙස් ද ලැබුවා ය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේ ය.