1 ලේකම් 2:12 - Sinhala New Revised Version 2018 බෝවස්ට දාව ඕබෙද් ද ඕබෙද්ට දාව ජෙස්සේ ද උපන්නෝ ය; Sinhala New Revised Version බෝවස්ට දාව ඕබෙද් ද ඕබෙද්ට දාව ජෙස්සේ ද උපන්නෝ ය; Sinhala Revised Old Version බෝවස්ට දාව ඕබෙද්ද ඕබෙද්ට දාව යෙස්සේද උපන්නෝය; |
ජෙස්සේට දාව ඔහුගේ කුලුඳුලා වූ එලියාබ් ද, දෙවැනියා වූ අබිනාදාබ් ද, තුන්වැනියා වූ ෂිමෙයා ද;
දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.
ඔහු ජෙස්සේගේ පුත්රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්රයා ය, ඔහු බෝවස්ගේ පුත්රයා ය, ඔහු සල්මොන්ගේ පුත්රයා ය, ඔහු නාෂොන්ගේ පුත්රයා ය,
උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්ර වූ, මට ප්රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක.
තවද: “ජෙස්සේගේ පෙළපතින් පැවත එන්නා වූ ද, විජාතීන් පාලනය කිරීමට නැඟ එන්නා වූ ද, තැනැන් වහන්සේ වඩින සේක; උන් වහන්සේ තුළ විජාතීන් බලාපොරොත්තු වනු ඇතැ”යි යෙසායා කියයි.
සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.