හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ.
1 ලේකම් 19:16 - Sinhala New Revised Version 2018 සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් අතින් පරාජය වූ බව දැක දූතයන් යවා යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්හ. හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝපාක් ඔවුන්ට පෙරටු ව ආවේ ය. Sinhala New Revised Version සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් අතින් පරාජය වූ බව දැක දූතයන් යවා යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්හ. හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝපාක් ඔවුන්ට පෙරටු ව ආවේ ය. Sinhala Revised Old Version සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක පණිවිඩකාරයන් යවා ගංගාවට එගොඩින් සිටි සිරියවරුන් ගෙන්වාගත්තෝය. හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝපාක් ඔවුන්ට පෙරටුව ආවේය. |
හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ.
සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දුටු විට, ඔව්හු ද ඔහුගේ සහෝදර අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුළු වූ හ. එවිට ජෝවාබ් ජෙරුසලමට ආයේ ය.
එපවත් දාවිත්ට දැන් වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානෙන් එගොඩ වී ඔවුන් ළඟට අවුත්, ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටියේ ය. එසේ දාවිත් සිරියන්වරුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටි විට, ඔව්හු ඔහුට විරුද්ධ ව සටන් කළෝ ය.
ජාතීනි, බියෙන් ඇලළී යන්න; පොළොවේ දුර බැහැර ප්‍රදේශවල ජනයෙනි, සවන් දෙන්න; සටනට සැරසෙන්න; එහෙත්, භයපත් වන්න. එසේ ය, සැරසෙන්න. එහෙත්, භයපත් වන්න.