Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 19:16 - Sinhala Revised Old Version

16 සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක පණිවිඩකාරයන් යවා ගංගාවට එගොඩින් සිටි සිරියවරුන් ගෙන්වාගත්තෝය. හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝපාක් ඔවුන්ට පෙරටුව ආවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් අතින් පරාජය වූ බව දැක දූතයන් යවා යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්හ. හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝපාක් ඔවුන්ට පෙරටු ව ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් අතින් පරාජය වූ බව දැක දූතයන් යවා යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්හ. හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝපාක් ඔවුන්ට පෙරටු ව ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 19:16
7 හුවමාරු යොමු  

හදර්එසෙර්ද ප්‍රාත් ගංගාවට එගොඩින් සිටිය සිරියවරුන් ගෙන්වාගත්තේය. ඔව්හුද ඔවුන්ට පෙරටුව හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝබාද හේලාම්ට ආවෝය.


ජනයෙනි, ඝෝෂාකරන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය;


මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනාකෙරෙද්ද?


සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයන් දුටුවිට, ඔව්හුද ඔහුගේ සහෝදරවූ අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් යෙරුසලමට ආයේය.


එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩව ඔවුන් ළඟට ඇවිත්, ඔවුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියේය. එසේ දාවිත් සිරියවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටි විට ඔව්හු ඔහුට විරුද්ධව සටන්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්