ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 16:32 - Sinhala New Revised Version 2018

මුහුදත්, එහි ඇති සියල්ලත් ගිගුරුම් හඬ දේ වා! කෙත්වතු සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වේ වා!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මුහුදත්, එහි ඇති සියල්ලත් ගිගුරුම් හඬ දේ වා! කෙත්වතු සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වේ වා!

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මුහුදත් එහි සම්පූර්ණකමත් ගර්ජනා කෙරෙත්වා; කෙත් සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වෙත්වා.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 16:32
8 හුවමාරු යොමු  

වනයේ ගස් කොළන් සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයා වා! මන්ද, එතුමාණෝ පොළොව පාලනය කරන පිණිස වඩින සේක.


දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක. එතුමාණෝ සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.


සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක; එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය.


සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා! නරලොව තුටු පහටු වේ වා! සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා!


සමිඳුන් හට නව ගීයක් ගයන්න. මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න. මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න.


ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.