රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
1 ලේකම් 12:24 - Sinhala New Revised Version 2018 ජුදා ගෝත්‍රයෙන් පලිහ ද හෙල්ලය ද දරන, යුද්ධයට සන්නද්ධ වූ හයදාස් අටසිය දෙනෙක් ය. Sinhala New Revised Version ජුදා ගෝත්‍රයෙන් පලිහ ද හෙල්ලය ද දරන, යුද්ධයට සන්නද්ධ වූ හයදාස් අටසිය දෙනෙක් ය. Sinhala Revised Old Version යූදා පුත්‍රයන්ගෙන් පලිහද හෙල්ලයද දරන්නාවූ යුද්ධයට සන්නද්ධවූ හදාස් අටසිය දෙනෙක්ය. |
රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු.
එකල සියලු ඉශ්රායෙල්වරු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත රැස් වී කතා කොට, “බලන්න අපි ඔබේ ම ලේ නෑයෝ වමු.
ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.
සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවා දෙන පිණිස යුද්ධයට සන්නද්ධ ව දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණි මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය: