බලන්න; ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය. ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.
1 රාජාවලිය 9:22 - Sinhala New Revised Version 2018 එහෙත්, සලමොන් ඉශ්රායෙල් ජනයා අතරෙන් කිසිවෙකු වහලෙකු කොට නොගත්තේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව, ඔහුගේ සේවකයන් ව, අධිපතියන් ව, සෙන්පතියන් ව, ඔහුගේ රථ කෙරෙහි ද අසරුවන් කෙරෙහි ද ප්‍රධානියන් ව සිටියෝ ය. Sinhala New Revised Version එහෙත්, සලමොන් ඉශ්රායෙල් ජනයා අතරෙන් කිසිවෙකු වහලෙකු කොට නොගත්තේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව, ඔහුගේ සේවකයන් ව, අධිපතියන් ව, සෙන්පතියන් ව, ඔහුගේ රථ කෙරෙහි ද අසරුවන් කෙරෙහි ද ප්‍රධානියන් ව සිටියෝ ය. Sinhala Revised Old Version නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සාලමොන් කිසිවෙක් වහලුන් කොට නොගත්තේය. ඔව්හු වනාහි යුද්ධකාරයෝව ඔහුගේ සේවකයෝව ඔහුගේ අධිපතියෝව ඔහුගේ සේනාපතියෝව ඔහුගේ රථ කෙරෙහිද අසරුවන් කෙරෙහිද ප්‍රධානියෝව සිටියෝය. |
බලන්න; ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය. ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.
නුඹලාට විකුණනු ලැබ, හය වසක් නුඹලාට සේවය කළ පසු නුඹලාගේ සහෝදර හෙබ්‍රේවරුන් එකිනෙකා නිදහස් කර හැරිය යුතු යයි මම කීවෙමි. එහෙත්, නුඹලාගේ ආදි පියවරුන් මට සවන් දුන්නේ වත්, මා කී දේ සිතට ගත්තේ වත් නැත.
“යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, ඔහු තමා ම නුඹලාට විකුණාගනු ලැබුවහොත්, වහලෙකු මෙන් මෙහෙ කිරීමට ඔහුට බල නොකළ යුතු ය.