Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:22 - Sinhala Revised Old Version

22 නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සාලමොන් කිසිවෙක් වහලුන් කොට නොගත්තේය. ඔව්හු වනාහි යුද්ධකාරයෝව ඔහුගේ සේවකයෝව ඔහුගේ අධිපතියෝව ඔහුගේ සේනාපතියෝව ඔහුගේ රථ කෙරෙහිද අසරුවන් කෙරෙහිද ප්‍රධානියෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එහෙත්, සලමොන් ඉශ්රායෙල් ජනයා අතරෙන් කිසිවෙකු වහලෙකු කොට නොගත්තේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව, ඔහුගේ සේවකයන් ව, අධිපතියන් ව, සෙන්පතියන් ව, ඔහුගේ රථ කෙරෙහි ද අසරුවන් කෙරෙහි ද ප්‍රධානියන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එහෙත්, සලමොන් ඉශ්රායෙල් ජනයා අතරෙන් කිසිවෙකු වහලෙකු කොට නොගත්තේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව, ඔහුගේ සේවකයන් ව, අධිපතියන් ව, සෙන්පතියන් ව, ඔහුගේ රථ කෙරෙහි ද අසරුවන් කෙරෙහි ද ප්‍රධානියන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:22
6 හුවමාරු යොමු  

නුඹ වෙත නුඹේ සහෝදරයා දිළිඳු බවට පැමිණ නුඹට තමාම වික්කොත් ඔහුගෙන් දාසයෙකුගේ වැඩ නොගත යුතුය.


එක එකා තම තමාට විකුණනු ලැබ හය අවුරුද්දක් තමාට වැඩකළාවූ තමාගේ සහෝදරවූ හෙබ්‍රෙවුවා අවුරුදු හතක කෙළවරේදී තමා වෙතින් නිදහස්කර හැරිය යුතුයයි කීවෙමි. එහෙත් නුඹලාගේ පියවරු මට ඇහුම්කන්දුන්නේවත් තමාගේ කන් යොමුකළේවත් නැත.


බලව, ඒ සාලමොන්ගේ දෝලාවය; ඉශ්‍රායෙල් බලවතුන්ගෙන් බලවන්තයන් සැටදෙනෙක් එය පිරිවරා සිටිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්