සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් බඳවාගත්තේ ය. එසේ බඳවාගත් මිනිස්සු තිස්දහසකි.
1 රාජාවලිය 9:21 - Sinhala New Revised Version 2018 දේශයෙහි ඉතිරි ව සිටි ඔවුන්ගේ ජනයාගෙන් සලමොන් රජ අද දවස දක්වා රාජකාරියට වහලුන් ගණනාවක් ගත්තේ ය. Sinhala New Revised Version දේශයෙහි ඉතිරි ව සිටි ඔවුන්ගේ ජනයාගෙන් සලමොන් රජ අද දවස දක්වා රාජකාරියට වහලුන් ගණනාවක් ගත්තේ ය. Sinhala Revised Old Version දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය. |
සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් බඳවාගත්තේ ය. එසේ බඳවාගත් මිනිස්සු තිස්දහසකි.
සලමොන් රජු රාජකාරියට මිනිසුන් ගත්තේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තම මාලිගාව ද මිල්ලෝ නම් ස්ථානය ද ජෙරුසලමේ පවුර ද හාශොර්, මෙගිද්දෝ සහ ගෙශෙර් යන නගර ද ගොඩනැඟීම සඳහා ය.
ඉශ්රායෙල්වරුන් අතින් විනාශ නොවූ, ඉශ්රායෙල්වරුන්ට මුළුමනින් ම විනාශ කර දමන්නට බැරි වූ අමෝරිවරුන්ගෙන් ද හිත්තීවරුන්ගෙන් ද පෙරිස්සිවරුන්ගෙන් ද හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි වූ සියලු ජාතීන්ට පසු ව,
තවද, දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස් කරන්න අණ කොට, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස හතරැස් හැඩේට ගල් කපන්න ගල් වඩුවන් පත් කෙළේ ය.
හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි ව සිටි ඔවුන්ගේ පුත්‍රයන් සලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේ ය.
ජුදාහි නුවරවල ඉශ්රායෙල්වරු ද පූජකයෝ ද ලෙවීවරු ද මාලිගාවේ සේවය කරන්නෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ නුවරවල තිබුණ තම තමන්ගේ උරුම කොටස්වල වාසය කළෝ ය. ජෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොවුහු ය:
සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරීදාගේ පුත්‍රයෝ ය;
ඒ නුවර වාසීහු ද සාමදානයට කැමැති ව, එහි දොරටු විවෘත කරත් නම්, එහි සිටින සියල්ලන් ම වහලුන් මෙන් ඔබට වහල් සේවය ඉටු කළ යුතු ය.
එහෙත්, ජෙරුසලමේ වාසය කළ ජෙබුසිවරුන් පන්නාදමන්නට ජුදා ජනයාට නොහැකි විය. අද දවස දක්වා ජෙබුසිවරු ජුදා ජනයා සමඟ ජෙරුසලමෙහි වාසය කරති.
ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.
එහෙත්, මනස්සේගේ පුත්‍රයන්ට ඒ නගර වැසියන් පන්නාදමන්නට නොහැකි විය; එබැවින් කානානිවරු ඒ රටේ තමන්ගේ විසීම තහවුරු කරගත්තෝ ය.
ඉශ්රායෙල් ජනයා ශක්තිමත් වූ කල ඔව්හු කානානිවරුන් වහල් වැඩට පත් කළෝ ය; එහෙත්, ඔවුන් සහමුලින් පන්නා නොදැමූ හ.
බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.
සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ ජාතිය මාගේ හඬට සවන් නොදී, මා ඔවුන්ගේ පියවරුන්ට අණ කළ මාගේ ගිවිසුම කඩ කළ බැවින්,
කානාන්හි ඇති වූ සියලු යුද්ධ සම්බන්ධයෙන් අත්දැකීමක් නොලැබූ සකල ඉශ්රායෙල්වරු සෝදිසි කරන පිණිස සමිඳාණන් වහන්සේ ඉතිරි කළ ජාතීහු මොවුහු ය.