Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:15 - Sinhala New Revised Version 2018

15 සලමොන් රජු රාජකාරියට මිනිසුන් ගත්තේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තම මාලිගාව ද මිල්ලෝ නම් ස්ථානය ද ජෙරුසලමේ පවුර ද හාශොර්, මෙගිද්දෝ සහ ගෙශෙර් යන නගර ද ගොඩනැඟීම සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සලමොන් රජු රාජකාරියට මිනිසුන් ගත්තේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තම මාලිගාව ද මිල්ලෝ නම් ස්ථානය ද ජෙරුසලමේ පවුර ද හාශොර්, මෙගිද්දෝ සහ ගෙශෙර් යන නගර ද ගොඩනැඟීම සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:15
34 හුවමාරු යොමු  

පාරාවෝ‍ගේ දුව දාවිත්ගේ නුවර සිට සලමොන් විසින් ඇය උදෙසා ගොඩනඟන ලද ඇගේ මාලිගාවට පැමිණියා ය. ඉන්පසු ඔහු මිල්ලෝ නම් ස්ථානය ගොඩනැඟී ය.


සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් බඳවාගත්තේ ය. එසේ බඳවාගත් මිනිස්සු තිස්දහසකි.


දාවිත් බලකොටුවේ වාසය කෙළේ ය. එය දාවිත්ගේ නුවර යයි නම් කරන ලදී. දාවිත් මිල්ලෝ පටන් වටකරින් ද ඇතුළතින් ද නගර ගොඩනැඟුවේ ය.


තවද, ඉස්සාකර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නගර ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නගර ද දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද ඒන්-දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද තයනාක් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද මෙගිද්දෝ වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේ ය.


අදාමා ද රාමා ද හාශොර් ද


හාශොර්හි රජ වූ ජාබින් මේ සියලු දේ ඇසූ විට, මාදොන්හි රජ වූ ජෝබාබ්ට ද ෂිම්රොන්හි රජුට ද ආක්ෂාප්හි රජුට ද


එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.


ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.


ඒ කාලයේ දී මෙගිද්දෝ සමභූමියෙහි දී හදද්-රිම්මොන් ගැන වැලපෙන්නාක් මෙන් ජෙරුසලමේ වැලපීම මහත් වන්නේ ය.


සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.


එහෙත්, ජොෂියා, නෙකෝ කී දෙවියන් වහන්සේගේ වචනය නොඅසා, ඔහු වෙතින් අහක් ව නොගොස්, ඔහු සමඟ යුද්ධ කරන පිණිස, වෙස් මාරුකරගෙන මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමිණියේ ය.


සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තමාගේ රජ මැදුර ද ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු,


ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය.


මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;


ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.


ඔහුගේ සේවකයෝ නැඟිට කුමන්ත්‍රණය කොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි නිවාසයේ දී ජෙහෝවාෂ් මරාදැමූ හ.


ජුදාහි රජු වන අහසියා ඒ දැක බෙත්-හගාක් නම් පාර දිගේ පලා ගියේ ය. ජේහු ඔහු ලුහුබැඳ ගොස්, “ඔහුටත් පහර දෙන්නැ”යි කී ය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගූර් නම් බෑවුමේ දී ඔහු රථයේ සිටින විට ඔහුට පහර දුන්හ. ඔහු මෙගිද්දෝ‍ මිටියාවතට පලා ගොස් එහි දී මළේ ය.


ඔහු රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ මෙලෙස ය: සලමොන් මිල්ලෝ ගොඩනඟමින් ද තම පිය දාවිත්ගේ නුවර ප්‍රාකාරයේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරමින් ද සිටියේ ය.


දේශයෙහි ඉතිරි ව සිටි ඔවුන්ගේ ජනයාගෙන් සලමොන් රජ අද දවස දක්වා රාජකාරියට වහලුන් ගණනාවක් ගත්තේ ය.


සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සහ රජ මාලිගාව යන මාලිගා දෙක ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු,


එකොළොස් වන අවුරුද්දේ අට වන මාසය වන බූල් මාසයේ දී මාලිගාව එහි සියලු කොටස් ඇතුළු ව අඳින ලද සම්පූර්ණ සැලැස්ම අනුව නිම කරන ලදී. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය නොඩනැඟීමෙහි යෙදී සිටියේ ය.


අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.


එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”


ඉන්පසු ෂෙකෙම්හි සියලු වැසියෝ ද මිල්ලෝහි සියලු වැසියෝ ද එක් ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල ආලෝන වෘක්ෂය ළඟ දී අබිමෙලෙක් රජකමට පත් කළෝ ය.


තයනාක්හි මෙගිද්දෝ ජලය ළඟ රජවරු යුද්ධ කළහ; කානානිය රජවරුන් යුද්ධ කළ නමුත් මුදල් කොල්ලයක් ඔවුන්ට නොලැබුණේ ය.


සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි.


මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ෂෙකෙම් සහ ඒ අවට තණ බිම් ද ගෙශෙර් සහ ඒ අවට තණ බිම් ද


එවිට ගෙශෙර්හි රජ වූ හොරාම් ලාකීෂ් නගරයට උපකාර කරන පිණිස පැමිණියේ ය. ජෝෂුවා, එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔහුටත්, ඔහුගේ සෙනඟටත් පහර දුන්නේ ය.


තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝ‍ගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ‍ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.


ජෙරොබෝවම් හා මුළු ඉශ්රායෙල් සභාව පැමිණ, රෙහොබෝවම්ට කතා කොට, “ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එබැවින් ඔබේ පියාණන් පැවරූ දුෂ්කර සේවය ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ‍ ය.


එතැනින් බස්නාහිරට ජප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත්, ගෙශෙර්ටත් බැස ගොස්, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්