තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.
1 රාජාවලිය 9:16 - Sinhala New Revised Version 2018 මිසරයේ රජ වූ පාරාවෝ අවුත් ගෙශෙර් නම් නගරය අල්ලාගෙන, එය ගිනිබත් කොට, ඒ නගරයේ විසූ කානානිවරුන් මරා එය සලමොන් රජුගේ බිරිඳ වන තම දුවට දායාදයක් කොට දී තිබිණි. Sinhala New Revised Version මිසරයේ රජ වූ පාරාවෝ අවුත් ගෙශෙර් නම් නගරය අල්ලාගෙන, එය ගිනිබත් කොට, ඒ නගරයේ විසූ කානානිවරුන් මරා එය සලමොන් රජුගේ බිරිඳ වන තම දුවට දායාදයක් කොට දී තිබිණි. Sinhala Revised Old Version මිසරයේ රජවූ ඵාරාවෝ ඇවිත් ගෙසෙර් අල්වාගෙන ඒක ගින්නෙන් පුලුස්සාදමා, ඒ නුවර වාසයකළ කානානිවරුන් මරා, ඒක සාලමොන්ගේ භාර්යාවවූ තමාගේ දුවට දායාදයක්කොට දී තිබුණේය. |
තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.
ඔහුට වාසය කිරීම සඳහා ශාලාවට එහා පැත්තෙන් අනික් මළුවේ ඔහුගේ මාලිගාව ඊට සමාන ව සාදන ලදී. ඒ ශාලාවට සමාන වූ නිවෙසක් සලමොන් තමා භාර්යාව කොට පාවාගත් පාරාවෝගේ දුවටත් සෑදුවේ ය.
පාරාවෝගේ දුව දාවිත්ගේ නුවර සිට සලමොන් විසින් ඇය උදෙසා ගොඩනඟන ලද ඇගේ මාලිගාවට පැමිණියා ය. ඉන්පසු ඔහු මිල්ලෝ නම් ස්ථානය ගොඩනැඟී ය.
එවිට ගෙශෙර්හි රජ වූ හොරාම් ලාකීෂ් නගරයට උපකාර කරන පිණිස පැමිණියේ ය. ජෝෂුවා, එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔහුටත්, ඔහුගේ සෙනඟටත් පහර දුන්නේ ය.
ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.