ඔහු ලෝකඩ පූජාසනයක් ද සෑදුවේ ය. එහි දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් හතරයි දශම පහකි.
1 රාජාවලිය 8:64 - Sinhala New Revised Version 2018 එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය. Sinhala New Revised Version එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය. Sinhala Revised Old Version එම දවසේ රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුල් භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවල තෙල්ද එතන ඔප්පුකෙළේය. එසේ කළේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවද තෙල්ද දරන්ට ඉඩ මදි නිසාය. |
ඔහු ලෝකඩ පූජාසනයක් ද සෑදුවේ ය. එහි දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් හතරයි දශම පහකි.
තවද, සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබුණු මිදුලේ මැදභාගය විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජා ද සහභාගිකමේ පූජාවල තෙල ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සලමොන් සෑදූ ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල ද තැබීමට ප්‍රමාණවත් නොවූ නිසා ය.
මන්ද, ගෙනෙන ලද බඩු බාහිරාදිය සියලු කර්මාන්ත සාදා නිම කිරීමට ප්‍රමාණ වූවා පමණක් නොව ඊට වැඩිමනක් ද විය.
අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පෝදිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”
තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුද කළ යුතු ය. ඒ කොටස් නම්, උගේ තෙල, පිටකොන්ද ළඟින් කපාගත් මුළු වල්ගය, අතුණු වසා ඇති තෙල්, අතුණු පිට ඇති තෙල් සියල්ල,