ලෙවී කථාව 3:9 - Sinhala New Revised Version 20189 තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුද කළ යුතු ය. ඒ කොටස් නම්, උගේ තෙල, පිටකොන්ද ළඟින් කපාගත් මුළු වල්ගය, අතුණු වසා ඇති තෙල්, අතුණු පිට ඇති තෙල් සියල්ල, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුද කළ යුතු ය. ඒ කොටස් නම්, උගේ තෙල, පිටකොන්ද ළඟින් කපාගත් මුළු වල්ගය, අතුණු වසා ඇති තෙල්, අතුණු පිට ඇති තෙල් සියල්ල, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඔහු උගේ තෙල සහ පිටිකොන්ද ළඟින් කපාගන්න මුළු තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල සියල්ලද, පරිච්ඡේදය බලන්න |
එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය.