Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

1 රාජාවලිය 8:64 - Sinhala Revised Old Version

64 එම දවසේ රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුල් භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවල තෙල්ද එතන ඔප්පුකෙළේය. එසේ කළේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවද තෙල්ද දරන්ට ඉඩ මදි නිසාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

64 එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 රාජාවලිය 8:64
5 හුවමාරු යොමු  

ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.

තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබුණු මිදුලේ මැද භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාද ශාන්ති පූජාවල තෙලද එහි ඔප්පුකෙළේය. එසේ කළේ සාලමොන් සෑදූ පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද තෙලද අල්ලන්ට මදි නිසාය.

මක්නිසාද ඔවුන්ට තිබුණු ද්‍රව්‍ය වැඩ සියල්ල කිරීමට ඔවුන්ට සෑහී ඉතුරුත් විය.

අධිපතියාගේ යුතුකම නම් ඉශ්‍රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත් අමාවක්වලදීත් සබත් දවස්වලදීත් දවන පූජාද ආහාර පූජාද පාන පූජාද සපයාදීමය. ඉශ්‍රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්ට පාප පූජාවද ආහාර පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔහු විසින් පිළියෙළකළ යුතුය.

ඔහු උගේ තෙල සහ පිටිකොන්ද ළඟින් කපාගන්න මුළු තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල සියල්ලද,

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්

දැන්වීම්