ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 8:56 - Sinhala New Revised Version 2018

“තමන් වහන්සේ පොරොන්දු වූ සියල්ල හැටියට තමන් සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සාමය දුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ සිය මෙහෙකරු වූ මෝසෙස් ලවා පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක පොරොන්දුවක් වත් හිස් නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“තමන් වහන්සේ පොරොන්දු වූ සියල්ල හැටියට තමන් සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සාමය දුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ සිය මෙහෙකරු වූ මෝසෙස් ලවා පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක පොරොන්දුවක් වත් හිස් නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමන්වහන්සේ පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නිශ්චලතාව දුන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. උන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා ගිවිස්සාවූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 8:56
15 හුවමාරු යොමු  

එබැවින් සමිඳාණන් වහන්සේ ආහබ්ගේ වංශයට විරුද්ධ ව වදාළ තමන්ගේ වචනයෙන් කිසිවක් නිෂ්ඵල නොවන බව දැනගන්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ එලියා ලවා කියෙවූ දේ ඉෂ්ට කළ සේකැ”යි කී ය.


ඉශ්රායෙල් දෙවි සමිඳුන් හට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ද, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.


එහෙත්, නුඹට උපදින පුත්‍රයෙක් සාමකාමී මනුෂ්‍යයෙක් වන්නේ ය. හාත්පසින් ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේ ය, ඔහුගේ නාමය සාමය යන අර්ථය ඇති සලමොන් වන්නේ ය. ඔහුගේ දවස්වල දී ඉශ්රායෙල්වරුන්ට සාමය ද සමඟිය ද දෙන්නෙමි.


තවද, ඔහු ජුදාහි බලකොටු නගර යළි ගොඩනැඟුවේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහුට සාමය දුන් බැවින් දේශයේ සමගිය තිබුණේ ය. ඒ අවුරුදුවල එහි යුද්ධයක් නො වී ය.


ජෙත්රෝ කතා කොට, “මිසර වාසීන්ගේ අතින් ද පාරාවෝගේ අතින් ද ඔබ මුදාලූ, මිසර වාසීන්ගේ වහල් මෙහෙවරින් සෙනඟ මුදාලූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!


අහසත්, පොළොවත් පහ ව යන්නේ ය. එහෙත් මාගේ කිසිදු වචනයක් පහ ව නොයන්නේ ම ය.”


ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි පදිංචි වී, ඔබට එහි සුරැකි ව වසන සේ ඔබ වටකර සිටින සියලු සතුරන්ගෙන් රැකවරණය ඔබ ලබාගත් පසු


එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.


සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ම, ඔබේ සෙසු ජනතාවට ද විවේකය දෙන තෙක්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ජොර්දානෙන් එතෙර ඔබට දුන් දේශය ඔබ භටයන් අයිති කරගන්නා තෙක් ඔබ එලෙස නැවතී සිටිය යුතු ය. ඉන්පසු මා ඔබට දුන් දේශයට සියල්ලන් ම හැරී ආ යුතු ය’යි කීවෙමි.


සාමුවෙල් වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කළ සේක.