Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 22:9 - Sinhala New Revised Version 2018

9 එහෙත්, නුඹට උපදින පුත්‍රයෙක් සාමකාමී මනුෂ්‍යයෙක් වන්නේ ය. හාත්පසින් ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේ ය, ඔහුගේ නාමය සාමය යන අර්ථය ඇති සලමොන් වන්නේ ය. ඔහුගේ දවස්වල දී ඉශ්රායෙල්වරුන්ට සාමය ද සමඟිය ද දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එහෙත්, නුඹට උපදින පුත්‍රයෙක් සාමකාමී මනුෂ්‍යයෙක් වන්නේ ය. හාත්පසින් ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේ ය, ඔහුගේ නාමය සාමය යන අර්ථය ඇති සලමොන් වන්නේ ය. ඔහුගේ දවස්වල දී ඉශ්රායෙල්වරුන්ට සාමය ද සමඟිය ද දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුමුත් නුඹට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්‍රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 22:9
24 හුවමාරු යොමු  

මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද එකිනෙකා තම තමාගේ මිදි වතු හා අත්තික්කා වතුවල අයිතිය භුක්ති විඳිමින් සුව සේ වාසය කළෝ ය.


එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.


ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධික ව සිටියෝ ය. ඔව්හු කමින්බොමින් ප්‍රීතිවෙමින් පසු වූ හ.


අලුත් දේව මාලිගාවේ තේජාලංකාරය පැරණි දේව මාලිගාවේ අලංකාරය ඉක්මවා යන්නේ ය. එහි මාගේ සෙනඟට සෞභාග්‍යයත්, ශාන්තියත් දෙන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මම ය.”


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම සෞභාග්‍යය ගංගාවක් මෙන් ද ජාතීන්ගේ යසඉසුරු දෙගොඩ තළා යන ඔයක් මෙන් ද ඈ වෙත හරවමි. නුඹලා එයින් උරා බොන්නහු ය. මවකගේ මෙන් ඇගේ උකුලේ නුඹලා ගෙනයනු ලබන්නහු ය. ඇගේ දෙදණ පිට සුරතල් කරනු ලබන්නහු ය.


ළඟ හෝ දුර හෝ වේ වා, සියලු දෙනාට, ‘ශාන්ති වේ වා! ශාන්ති වේ වා! මම ඔවුන්ට සුවය දෙමි’යි සමිඳාණන් වන මම කියමි.


ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.


සමිඳුනි, ඔබ අපට සෞභාග්‍යය දෙන සේක. අප ඉෂ්ට කරන හැම දේ ඔබේ ක්‍රියාවේ ප්‍රතිඵලයකි.


එතුමාණෝ සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!


නිහඬ ව සිටියත්, එතුමාණන්ට වරද තබන්නෝ කවරහු ද? කිසිත් නොකර සිටියත්, එතුමාණන්ට දොස් තැබිය හැකි ද?


නුඹේ දවස් සම්පූර්ණ වූ කල, මම නුඹේ පුත්‍රයෙකු වන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව පිහිටුවා ඔහුගේ රාජ්‍යය ස්ථිර කරන්නෙමි.


එවිට ගිඩියොන් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා, ‘සමිඳාණන් වහන්සේ සාමදානය ය’ යන අර්ථය ඇති ‘යාවේ-ෂාලොම්’ යන නාමය ඊට තැබුවේ ය. එය අද දවස දක්වා අබියෙශ්‍රීයවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.


ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න.


එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.


දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජ කොට පත් කළ සේක. මම ළා බාල කෙනෙක්මි, රට පාලනයේ දක්ෂකමක් මට නැත.


ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්‍රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි.


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටිනු නොවේ ද? හැම අතින් ම උන් වහන්සේ ඔබට සාමය දී තිබෙනු නොවේ ද? මන්ද, උන් වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවා දී තිබේ. දේශය සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ සෙනඟට ද යටත් කරන ලද්දේ ය.


ඔබේ මෙහෙකරු වූ මාගේ පිය වූ දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔබ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.


“තමන් වහන්සේ පොරොන්දු වූ සියල්ල හැටියට තමන් සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සාමය දුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ සිය මෙහෙකරු වූ මෝසෙස් ලවා පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක පොරොන්දුවක් වත් හිස් නො වී ය.


දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව! රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්