ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 8:32 - Sinhala New Revised Version 2018

ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරුවාට නිසි විපාකය අනුව ඔහුට දඬුවම් දුන මැනව; නිවැරදිකරුවාට ඔහුගේ නිදොස්කම අනුව ඔහුට විපාක දුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරුවාට නිසි විපාකය අනුව ඔහුට දඬුවම් දුන මැනව; නිවැරදිකරුවාට ඔහුගේ නිදොස්කම අනුව ඔහුට විපාක දුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබ ස්වර්ගයෙහි සිට අසා ක්‍රියාකරමින්, දුෂ්ටයා වරදට පත්කර, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා, ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළමැනව.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 8:32
22 හුවමාරු යොමු  

සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව මට විපාක දුන් සේක. මාගේ නිදොස්කම අනුව මට ප්‍රතිඵල දුන් සේක.


ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත.


ඔවුන්ගේ ලේ ජෝවාබ්ගේ හිස පිට ද ඔහුගේ පෙළපතේ අයගේ හිස් පිට ද සදහට ම ආපසු පැමිණෙන්නේ ය. එහෙත්, දාවිත් රජ හට ද ඔහුගේ පෙළපතට ද ඔහුගේ රාජ වංශයට ද සිංහාසනයට ද සමිඳාණන් වහන්සේගෙන් සදහට ම සාමදානය වන්නේ ය”යි කීවේ ය.


පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම ද නිදොස් අයට නිදොස් බව ද දක්වන සේක.


මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.


බොරු පැමිණිලි කිරීමෙන් වැළකිය යුතු ය. නිදොස්, දැහැමි තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය. මන්ද, මම වරදකරුවන් නිදොස් නොකරන්නෙමි.


මම දහස් ගණනකට කරුණාව පාමින්, දුෂ්ටකමට ද නපුරට හා පාපයට ද කමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන් නිදහස් නොකර, පියවරුන්ගේ පව් නිසා තුන් වන, හතර වන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යැ”යි වදාළ සේක.


කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත.


දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.


ඉශ්රායෙල්වරුන්ගේ සකල පරපුර මා තුළින් දමිටු කරනු ලැබ මා හට පැසසුම් දෙනු ඇත.”


පිළිකුල් ක්‍රියා කරන්නේ ය; පොලියට දී අයුතු ලාභ ද ගන්නේ ය. ඒ පුත්‍රයා ජීවත් වන්නේ ද? නැත. ඔහු ජීවත් වන්නේ නැත. ඔහු මේ සියලු පිළිකුල් ක්‍රියා කළ බැවින් ඔහු සැබැවින් ම නසින්නේ ය. ඔහුගේ විනාශයට ඔහු ම වගකිව යුතු වේ.


පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.


“එබැවින්, අහෝ ඉශ්රායෙල්වරුනි, මම නුඹලා එකින් එකා පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පසුතැවී සිත් හරවා ගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න; එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණයක් නොවන්නේ ය.


එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක.


ඔහු ඈට වතුර බොන්නට සැලැසූ පසු, ඈ දූෂණය වී ඇගේ සැමියාට විරුද්ධ ව වරදක් කර ඇත්නම්, ඒ වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවමින්, ඇගේ බඩ ඉදිමී, ඇගේ රහස් අවයව බෙලහීන වනු ඇත. ඈ ද ඇගේ සෙනඟ අතර සාපයක් වන්නී ය.


දෙවියන් වහන්සේ ඉදිරියෙහි යමෙකු දමිටු බවට පත්වන්නේ ව්‍යවස්ථාව ඇසීමෙන් නොව එය පිළිපැදීමෙනි.


නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය.


“මිනිසුන් අතර ආරාවුලක් හටගෙන, උසාවියට ගිය විට, විනිශ්චයකරුවන් ආරාවුල් විසඳමින්, නිවැරදිකරු නිදොස් කොට, වරදකරුට දඬුවම් දිය යුතු ය.


මිනිසෙකුට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට මැදහත් විය හැකි ය. එහෙත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඔහු වෙනුවට මැදහත් විය හැක්කේ කවරෙකුට දැ”යි කීවේ ය. එහෙත්, ඔව්හු තම පියාගේ බසට සවන් නොදුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් නසන්නට තීරණය කර තිබුණු බැවිනි.