Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 9:10 - Sinhala New Revised Version 2018

10 එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 9:10
25 හුවමාරු යොමු  

මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරමි; පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


එහෙත්, තමන්ගේ අශික්ෂිතකම් ද තමන්ගේ පිළිකුල්කම් ද කෙරෙහි සිත ඇදී ගොස් ඇති අයට ඔවුන්ගේ ක්‍රියාවල විපාක විඳින්නට සලස්වන්නෙමි’ මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක.


ඔවුන්ට දෙන දඬුවම් මා දැනට ම කෙටුම්පත් කර ඇත. ඔවුන් කර ඇති දේ ගැන නිහඬ ව නොසිටියෙමි.


“දඬුවම් දීමේ කාලය පැමිණ තිබේ; සෙනඟ දුර්විපාක ලැබීමේ කාලය පැමිණ තිබේ. මේ දිවැසිවරයා මෝඩයෙක් ය; දේව ආත්මානුභාවය ඇති මේ මිනිසා පිස්සෙක් යයි ඉශ්රායෙල් දැනගන්නවා ඇත. නුඹලා මට එසේ ද්වේෂ කරන්නේ නුඹලාගේ අධික පාපය හා දැඩි කෝපය නිසා ය.


“එබැවින් ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ දිවුරා කියමි. නුඹේ සියලු අශික්ෂිතකම්වලින් ද නුඹේ සියලු පිළිකුල්කම්වලින් ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා සැබැවින් ම මමත් නුඹ නිර්දය ලෙස වනසාලන්නෙමි. මම ද නුඹට කරුණා නොකරන්නෙමි; අනුකම්පාව නොපෙන්වන්නෙමි.


මන්ද; “පළිගැනීම මා සතු ය, විපාක දෙන්නේ මම ය”යි ද, “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන සේකැ”යි ද, වදාළ තැනැන් වහන්සේ අපි දනිමු.


තීර්, සීදොන් හා පිලිස්තියේ සියලු පළාත්වල වැසියෙනි, නුඹලා මට කරන්න යන්නේ කුමක් ද? නුඹලා මාගෙන් පළිගන්නට බලන්නහු ද? නුඹලා මාගෙන් පළිගන්නට යන්නහු නම්, මට කරන්නට යන දේ විගසින් ම නුඹලාට පල දෙන්නට සලස්වන්නෙමි.


එබැවින්, මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ කෝපාග්නියෙන් ඔවුන් විනාශ කරදමා ඔවුන්ට යුතු දඬුවම ඔවුන් පිට පැමිණෙව්වෙමි. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


මා අසා සිටිය දී උන් වහන්සේ සෙසු අයට කතා කොට, “නුඹලා ඔහු පසුපස නගරය තුළට ගොස් එයට පහර දෙන්න. ඔවුන් දෙස දයාවෙන් නොබලන්න; ඔවුන්ට කරුණා නොකරන්න.


ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරු හට ඔහුට නිසි විපාකය අනුව දඬුවම් කළ මැනව; නිවැරැදිකරු හට ඔහුගේ නිදොස්කම අනුව විපාක දුන මැනව.


මා දිළිසෙන කඩුව මුවහත් කොට, මම යුක්තිය ඉටු කරමි. සතුරන්ට දඬුවම් දෙමි; මට වෛර කරන අයට දුර්විපාක දෙමි.


ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලි කරන්නෝ ය; දරුවන්ට අනුකම්පා නොකරන්නෝ ය; ළමුන්ට කරුණාව නොදක්වන්නෝ ය.


ඇගේ එදිරිකාරයෝ දැන් ඇගේ ස්වාමිවරුන් වී සිටිති. ඇගේ සතුරෝ සෞභාග්‍යය භුක්ති විඳිති. එසේ වූයේ, ඇගේ අපරාධ රාශිය නිසා සමිඳාණන් ඈට පීඩා කළ බැවිනි. පීඩා කරන්නා විසින් පලවා හරිනු ලැබූ ඇගේ දරුවන් ඈ අත්හැර ගොස් ඇත.


එවිට හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තේ ලිපි උපකරණ මල්ල ඇති ව සිටි මනුෂ්‍යයා හැරී අවුත්, “ඔබ වහන්සේ අණ කළ ලෙස කෙළෙමි”යි වාර්තා කෙළේ ය.


නුඹලාගේ සල්ලාලකමේ දුර්විපාකය නුඹලා පිට පමුණුවනු ඇත; පිළිම නැමදීමේ පාපයට දඬුවම් ලැබෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.’ ”


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම එය කීවෙමි; එය සිදු වන්නේ ම ය. මම එය කරන්නෙමි. මා පසුබට වන්නේ වත්, දයාව දක්වන්නේ වත් නැත; නුඹේ කල්ක්‍රියාවේ හැටියට නුඹ විනිශ්චය කරනු ලබනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙය වදාරන සේක.’ ”


ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරුවාට නිසි විපාකය අනුව ඔහුට දඬුවම් දුන මැනව; නිවැරදිකරුවාට ඔහුගේ නිදොස්කම අනුව ඔහුට විපාක දුන මැනව.


ඉශ්රායෙල් දේශය, නුඹේ අවසානය දැන් පැමිණ තිබේ. මාගේ උදහස නුඹලාට විරුද්ධ ව එවා, නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල්කම් අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.


නුඹ නුඹේ බාල කාලය අමතක කොට, නුඹ කළ සියල්ලෙන් මා උදහස් කළ බැවින් එහි දුර්විපාක මම නුඹ පිට පැමිණෙව්වෙමි. නුඹ ද නුඹේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට, මේ නපුරු දූෂ්‍යකම් කෙළේ මන්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේක.’ ”


එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ඔහු සුළු කෙළේ මාගේ දිවුරුම ය; ඔහු කඩ කෙළේත් මාගේ ගිවිසුම ය; මම ද ඔහුට දුර්විපාක දෙන්නෙමි.


මා දුටු දර්ශනය නම්, මා නුවර විනාශ කරන්න එද්දී මා දුටු දර්ශනය හා සමාන ය. ඒ දර්ශනය කෙබාර් ඉවුරේ මා දුටු දර්ශනය හා සමාන ය. එවිට මම මුණින්තළා වී වැටුණෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේශයේ වැසියන්ට තවත් අනුකම්පා නොකරමි. මම හැම මිනිසෙකු ම ඔහුගේ එඬේරා වන පාලකයාට හා රජුගේ බලයට පාවා දෙමි. මොවුහු දේශය නැතිනාස්ති කරති. ඔවුන්ගේ බලයෙන් මම කිසිවෙකු බේරා නොගනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්