1 රාජාවලිය 7:23 - Sinhala New Revised Version 2018 ඔහු වටකුරු පොකුණක් වාත්තු කර සෑදුවේ ය. එය ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා මීටර් හතරයි දශම දෙකකි. එහි උස මීටර් දෙකයි දශම දෙකකි. වට ප්‍රමාණය මීටර් දහතුනයි දශම දෙකකි. Sinhala New Revised Version ඔහු වටකුරු වතුර පොකුණක් වාත්තු කර සෑදුවේ ය. එය ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා මීටර් හතරයි දශම දෙකකි. එහි උස මීටර් දෙකයි දශම දෙකකි. වට ප්‍රමාණය මීටර් දහතුනයි දශම දෙකකි. Sinhala Revised Old Version ඔහු ජලාධාරයත් වාත්තුකර සෑදුවේය. ඒක ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දසයක්ය; ඒක වටකුරුව තිබුණේය. ඒකේ උස පස්රියනක් විය; ඒකේ වට ප්‍රමාණය තිස්රියනක් විය. |
ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, “උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පූජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය.
තවද, ආහාස් රජ අසිරියාවේ රජු නිසා මැසිවල පනේල කපාදමා ඒවා උඩ තිබූ භාජනය අහක් කෙළේ ය. ලෝකඩ බඳුන යට තිබූ ගව රූප අටෙන් ලෝකඩ බඳුන බස්වා ගල් ඇල්ලූ බිමක තැබී ය.
තවද, කල්දිවරු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ලෝකඩ කණු ද මැසි ද එහි තිබූ ලෝකඩ බඳුන් ද කඩාගෙන ඒවායේ ලෝකඩ බබිලෝනියට ගෙන ගියහ.
තිබ්හත් ද කුන් ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් බොහෝ ලෝකඩ ගත්තේ ය. එයින් සලමොන් ලෝකඩ තටාකයත්, කුළුනුත්, ලෝකඩ භාජනත් සෑදී ය.
ඔහු වතුර පොකුණ වාත්තු කර සෑදුවේ ය. එහි ගැටියේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා මීටර් හතරයි දශම හතරකි. එය වටකුරු ව තිබුණේ ය. එහි උස මීටර් දෙකයි දශම දෙකකි. එහි වට ප්‍රමාණය මීටර් දහතුනයි දශම දෙකකි.
ඉන්පසු ඔහු සම්මුඛ කූඩාරමට ඇතුළු වන දොරටුව ළඟ සේවා කළ කාන්තාවන්ගේ ලෝකඩ කැඩපත්වලින් වතුර භාජනය සහ එහි ලෝකඩ අඩිය සෑදී ය.
“බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්, ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි හා ජෙරුසලමේ ප්‍රධානීන් ද අල්ලාගෙන බබිලෝනියට යද්දී, ඔහු කුලුණු, ලෝකඩ තටාකය, මැසි හා දේව මාලිගාවේ අනික් භාණ්ඩ ගෙන ගියේ නැත.
තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අයිති ලෝකඩ කුලුණු ද එහි තිබුණු මැසි ද මහ ලෝකඩ භාජනය ද කඩාදමා, බබිලෝනිවරු ඒවායේ ලෝකඩ සියල්ල ම බබිලෝනියට ගෙන ගියෝ ය.
සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සෑදූ කුලුණු දෙක ද ලෝකඩ තටාකය ද මැසි ද මැසි යට තිබුණු ලෝකඩ ගව රූප දොළොස ද යන භාණ්ඩ වල ලෝකඩ කිරන්නට බැරි තරම් බර ය.