1 රාජාවලිය 5:13 - Sinhala New Revised Version 2018 සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් බඳවාගත්තේ ය. එසේ බඳවාගත් මිනිස්සු තිස්දහසකි. Sinhala New Revised Version සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් බඳවාගත්තේ ය. එසේ බඳවාගත් මිනිස්සු තිස්දහසකි. Sinhala Revised Old Version සාලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් ගත්තේය; ඊට තෝරාගනු ලැබූ මනුෂ්‍යයෝ තිස්දහසක්ය. |
සලමොන් රජු රාජකාරියට මිනිසුන් ගත්තේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තම මාලිගාව ද මිල්ලෝ නම් ස්ථානය ද ජෙරුසලමේ පවුර ද හාශොර්, මෙගිද්දෝ සහ ගෙශෙර් යන නගර ද ගොඩනැඟීම සඳහා ය.
“ඔබ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබේ පියාණන්ගේ අමාරු සේවය ද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය.
හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි ව සිටි ඔවුන්ගේ පුත්‍රයන් සලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේ ය.