Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:6 - Sinhala New Revised Version 2018

6 අහිෂාර් වනාහි රජ ගෙදර ප්‍රධානියා ය. අබ්දාගේ පුත් අදොනිරාම් රාජකාරියේ මුලාදෑනියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 අහිෂාර් වනාහි රජ ගෙදර ප්‍රධානියා ය. අබ්දාගේ පුත් අදොනිරාම් රාජකාරියේ මුලාදෑනියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 අහිෂාර් වනාහි රජගෙදර ප්‍රධානියාය. අබ්දාගේ පුත්‍රවූ අදොනිරම් රාජකාරියේ මුලාදෑනියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:6
8 හුවමාරු යොමු  

එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වන අදොරාම් යැවී ය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළෝ ය. එසේ වූ විට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය.


සලමොන් රජු රාජකාරියට මිනිසුන් ගත්තේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තම මාලිගාව ද මිල්ලෝ නම් ස්ථානය ද ජෙරුසලමේ පවුර ද හාශොර්, මෙගිද්දෝ සහ ගෙශෙර් යන නගර ද ගොඩනැඟීම සඳහා ය.


අදොරාම් බැල මෙහෙවර භාර ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ය.


නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශිය ආණ්ඩුකාරයන්ගේ පාලකයා ය; නාතාන්ගේ පුත් පූජක සාබුද් රාජකීය පුරෝහිතයා ව සිටියේ ය.


රජුටත්, ඔහුගේ ගෘහවාසීන්ටත් ආහාර සපයන පිණිස සලමොන් රජ නිලධාරීන් දොළොස්දෙනෙකු සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි පත් කෙළේ ය. එකිනෙකා අවුරුද්දකට මාසයක් බැගින් එසේ ආහාර සපයා දුන්නෝ ය.


හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි ව සිටි ඔවුන්ගේ පුත්‍රයන් සලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේ ය.


එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වූ හදෝරාම් එහි යැවුවේ ය. ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝ ය. එවිට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්