1 රාජාවලිය 5:11 - Sinhala New Revised Version 2018 සලමොන් ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද පිරිසිදු තෙල් ලීටර් ලක්ෂ හතරක් ද ඔහුට දුන්නේ ය. සලමොන් අවුරුදුපතා මෙසේ හීරාම්ට දුන්නේ ය. Sinhala New Revised Version සලමොන් ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද පිරිසිදු තෙල් ලීටර් ලක්ෂ හතරක් ද ඔහුට දුන්නේ ය. සලමොන් අවුරුදුපතා මෙසේ හීරාම්ට දුන්නේ ය. Sinhala Revised Old Version සාලමොන්ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස ගෝධුම කෝර විසිදහසක්ද හිඳපු තෙල් කෝර විස්සක්ද ඔහුට දුන්නේය. සාලමොන් අවුරුද්දෙන් අවුරුද්ද මෙසේ හීරාම්ට දුන්නේය. |
ශෙරාගේ පුත්‍රයෝ නම්: සිම්රී, ඒතාන්, හේමන්, කල්කොල් සහ දාරා ය. ඒ සියල්ලෝ පස්දෙනෙක් ය.
ලී කපන ඔබේ මෙහෙකරුවන්ගේ ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද යව මෙට්රික් ටොන් දෙදහසක් ද මුද්‍රික පාන ලීටර් හාරලක්ෂයක් ද තෙල් ලීටර් හාරලක්ෂයක් ද මම දෙන්නෙමි”යි කියා යැවී ය.
මෙසේ සලමොන් රජ ධන සම්පතින් ද ප්‍රඥාවෙන් ද මිහි පිට සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.
මාගේ දෙවි සමිඳාණන් වහන්ස, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි.
සමිඳාණන් වහන්ස, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.
හෙරොද්, තීර් සහ සීදොන් වැසියන් කෙරෙහි දැඩි කෝපයෙන් සිටියේ ය. එහෙත් ඔව්හු එක්සිත් ව ඔහු වෙතට පැමිණ, රජවාසල නිලමේ වූ බ්ලාස්තුස්ගේ සිත දිනා ගෙන, සාමදානය ඉල්ලුවෝ ය. මක්නිසා ද යත්, ඔවුන්ගේ රටට ආහාර ලැබුණේ ඒ රජුගේ රටින් ය.