Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 4:22 - Sinhala New Revised Version 2018

22 දවසකට සලමොන් රජුගේ ආහාර මෙසේ ය. සිහින් පිටි ලීටර් පන්දහසකි. වෙන පිටි ලීටර් දසදහසකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දවසකට සලමොන් රජුගේ ආහාර මෙසේ ය. සිහින් පිටි ලීටර් පන්දහසකි. වෙන පිටි ලීටර් දසදහසකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 දවසකට සාලමොන්ගේ ආහාර මෙසේය: සිහින් පිටි කෝර තිහක්ය, වෙන පිටි කෝර සැටක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:22
10 හුවමාරු යොමු  

ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය.


සලමොන් රජ වනාහි යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ දේශ සීමාව දක්වා සියලු රාජ්‍යයන් ආණ්ඩු කෙළේ ය. ඔව්හු කප්පම් ගෙනවුත් දී සලමොන් රජුගේ මුළු කාලය තුළ ඔහුට සේවය කළෝ ය.


මුවන් ද තිත් මුවන් ද තරු මුවන් ද තර කළ පක්ෂීන් ද හැර, තර හරක් දසදෙනෙකි, කෙතේ හරක් විසිදෙනෙකි, බැටළුවෝ‍ සියයකි.


සලමොන් ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද පිරිසිදු තෙල් ලීටර් ලක්ෂ හතරක් ද ඔහුට දුන්නේ ය. සලමොන් අවුරුදුපතා මෙසේ හීරාම්ට දුන්නේ ය.


ඔහුගේ මෙහෙකරුවන්ගේ වාසස්ථාන හා ඔහුගේ ඇමතියන්ගේ සේවය ද ඔවුන්ගේ ඇඳුම් ද ඔහුගේ පානපාත්‍ර දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම් ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල ෂෙබාහි බිසව තුෂ්ණීම්භූත වූවා ය.


මා සඳහා දවසකට ගොනෙකුත්, තර බැටළුවෝ හයදෙනෙකුත් පිළියෙළ කරන ලදහ. කුකුළෝ ද මා සඳහා පිළියෙළ කරන ලදහ. දස දවසකට වරක් මුද්‍රික පාන සම් බඳුන් තොග වශයෙන් ගෙනෙන ලදී. එසේ වුව ද, සෙනඟට බොහෝ බර උසුලන්නට තිබුණු නිසා දිශාධිපතියාට හිමි කෑම මම නොඉල්ලුවෙමි.


එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි.


වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්‍රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය.


ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්