ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජකීය වස්ත්ර පැළඳගෙන, සමාරියේ වාසල් දොරටුවෙන් පිටත එළිමහන් තැනක තම තමන්ගේ සිංහාසනවල වාඩි වී සිටියෝ ය. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරිපිට දිවැස් වැකි කී හ.
1 රාජාවලිය 22:9 - Sinhala New Revised Version 2018 එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි සැළ කෙළේ ය. Sinhala New Revised Version එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි සැළ කෙළේ ය. Sinhala Revised Old Version එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා: ඉම්ලාගේ පුත්රවූ මීකායා ඉක්මනින් ගෙන්වන්නැයි කීවේය. |
ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජකීය වස්ත්ර පැළඳගෙන, සමාරියේ වාසල් දොරටුවෙන් පිටත එළිමහන් තැනක තම තමන්ගේ සිංහාසනවල වාඩි වී සිටියෝ ය. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරිපිට දිවැස් වැකි කී හ.
ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.
ඔහු කවුළුව දෙස බලා, “මාගේ පක්ෂයට සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. එවිට නපුංසකයන් දෙදෙනෙක් ඔහු දෙස බැලුවෝ ය.
එවිට ඉශ්රායෙල් රජ ඇමතියෙකු කැඳවා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි කීවේ ය.
ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”