Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 18:8 - Sinhala New Revised Version 2018

8 එවිට ඉශ්රායෙල් රජ ඇමතියෙකු කැඳවා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එවිට ඉශ්රායෙල් රජ ඇමතියෙකු කැඳවා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එවිට ඉශ්‍රායෙල් රජ ඇමතියෙකුට අඬ ගසා: ඉම්ලාගේ පුත්‍රවූ මීකායා ඉක්මනින් ගෙන්වන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 18:8
10 හුවමාරු යොමු  

ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”


දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ කාණ්ඩවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය.


එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි සැළ කෙළේ ය.


ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය.


ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.


ඉශ්රායෙල් රජ ද උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් වන තව එක් කෙනෙක් සිටියි. එහෙත්, ඔහු නිතර ම මා ගැන නපුරක් මිස යහපතක් දිවැස් වැකියෙන් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් කතා කරමින්, “රජ්ජුරුවෝ එසේ නොකියත්වා”යි කීවේ ය.


ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජ වස්ත්‍ර හැඳ තම තමන්ගේ සිංහාසනවල හිඳගත්හ. ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩි වී සිටියහ. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරියෙහි දිවැස් වැකි කියමින් සිටියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්