ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 22:46 - Sinhala New Revised Version 2018

තමාගේ පිය වූ ආසාගේ කාලයෙහි ඉතුරු වූ දේවාල සල්ලාලයන් ඔහු රටින් නෙරපාදැමී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තමාගේ පිය වූ ආසාගේ කාලයෙහි ඉතුරු වූ දේවාල සල්ලාලයන් ඔහු රටින් නෙරපාදැමී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමාගේ පියවූ ආසාගේ දවස්වල ඉතුරුවුණ සොදොමියයන් ඔහු දේශයෙන් සිඳදැමුවේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 22:46
10 හුවමාරු යොමු  

ලොත්ට හඬගසමින්, “අද රෑ ඔබ වෙත පැමිණි මිනිස්සු කොහේ ද? අප ඔවුන් සමඟ කම් සැප විඳින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්නැ”යි කී හ.


සල්ලාලකම් කළ පිරිමි පවා කඳු මත පූජාස්ථානවල වූ හ. ඉශ්රායෙල් ජනයා යන්න කලින් සමිඳාණන් වහන්සේ පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ඔව්හු අනුගමනය කළෝ ය.


රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ඔහු සල්ලාලයන් දේශයෙන් පහකොට, තමාගේ පියවරුන් සෑදූ සියලු දේව රූප අහක් කරදැමී ය.


අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්,


“ඉශ්රායෙල්වරුන්ගේ දූවරුන් අතර දේවාල වෙසඟනක හෝ ඉශ්රායෙල් පුත්‍රයන් අතර දේවාල සල්ලාලයෙකු හෝ නොසිටිය යුතු ය.


වේශ්‍යාකම් කරන්නන් ද, පුරුෂයන් සමඟ අනාචාරයෙහි හැසිරෙන්නන් ද, මිනිසුන් පැහැරගෙන යන්නන් ද, බොරුකාරයන් ද, බොරුවට දිවුරන්නන් ද,


තවද සොදොම් හා ගොමොරා ද, අවට පිහිටි නගර ද සිහි කරන්න. එහි වැසියෝ ඒ දේව දූතයන් මෙන් ම අවකල්ක්‍රියා ද අස්වාභාවික දූෂ්‍යකම් ද කරමින් සදාතන ගින්නේ දඬුවම වින්දෝ ය. එය සියල්ලන්ට ම අනතුරු ඇඟවීමේ ලකුණකි.


ඔවුන් සතුටින් කල් යවන අතර, ඒ නගරයේ දුර්ජනයන් ව සිටි සමහර මිනිස්සු ඒ ගෙදර වට කර සිට, දොරට ගසමින්, ගෘහ මූලිකයා වන මහලු මිනිසාට කතා කොට, “ඔබේ ගෙදරට පැමිණ සිටින මිනිසා සමඟ කම් සැප විඳින්නට ඔහු පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.